2024 මාර්තු මස 14 දින සිට අප්‍රේල් මස 21 දින දක්වා NDB ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සහ ආකර්ෂණීය දීමනා පමණක් නොව අවුරුදු ක්‍රීඩා රැසක් සමඟ හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ විනෝද වීමටද NDB බැංකුව අවස්ථාව සලසා දී ඇත.
මේ අවුරුදු සමයේදී NDB ‘අවුරුදු වාසි වෑහේ’ තුළින් සාප්පු සවාරි සඳහා සුවිශේෂී සහ ආකර්ෂණීය වට්ටම් දීමනා රැසක් NDB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේදී ලබා දෙන අතර, මාර්තු මස 29 දින සිට 31දා දක්වා එම දීමනාව වලංගුය.
තවද අප්‍රේල් 6 සහ 7 යන දෙදින තුළ NDB අවුරුදු ක්‍රීඩා හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේදී පැවැත් වේ. NDB බැංකුව සහ හැව්ලොක් සිටි අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වයත් සමඟ, NDB බැංකුවේ ඩිජිටල් සහ අනාගත බැංකුකරණයේ නවමු අත්දැකීම් ගනුදෙනුකරුවන්ට ද හිමි වේ.