Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

අභිනය

කෘතිය – අභිනය – 14 වන
කලාපය වෙළුම-1
සංස්කරණය – චන්ද්‍රසිරි බෝගමුව
ප්‍රකාශනය – සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
පිටු ගණන – 309

ස්වර්ණ ජයන්ති නාට්‍ය උත්සව ඉතිහාසයේ පනස් වසරක සම්මානනීය නළු නිළියන්ගේ වතගොත ඇතුළත් මෙම කෘතියේ සම්මානනීය නළු නිළියන් 27 දෙනෙකුගේ වතගොත මෙයට ඇතුළත් කර ඇත. අදාළ අයගේ ඡායාරූපද සමඟින් ඔවුන් සමාජයට ඉටුකළ අගනා මෙහෙවර මෙන්ම ඔවුන්ගේ කලා ජීවිතය පිළිබඳ දිගු විස්තරයක් ඉදිරිපත් කර තිබීමෙන් ඒ පිළිබඳ වැඩිදුර හදාරන්නන්ට අගනා තොරතුරු මූලාශ්‍රයක්ද වන්නේය. මෙය පළමු වෙළුම වන අතර දෙවැනි වෙළුමද ඇතුළුව වෙළුම් දෙකෙහිම නාට්‍ය හා රංගනවේදීන් 63 දෙනෙකු පිළිබඳ තොරතුරු ඇතුළත් කෙරෙයි.


ප්‍රවෘත්ති

කෘතිය – ප්‍රවෘත්ති
කර්තෘ – වජිර කැළුම්
ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
මිල – රු 750
පිටු ගණන – 121

ප්‍රවෘත්ති අධ්‍යයනය කරන්නන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක සිසුන්ට මෙන්ම පුවත් ලිවීම පිළිබඳ අවධානය යොමු කරන්නන්ට මෙම ග්‍රන්ථය මූලික මඟ පෙන්වීමක් ඇති කරවයි. පසුගිය කාලයේ පුවත්පත්හි පල වූ පුවත් ඇසුරෙන් උදාහරණ දක්වමින් මාතෘකා 6 ක් යටතේ ප්‍රවෘත්ති ලිවීම පිළිබඳ සවිස්තර විග්‍රහයක් මෙම කෘතියෙන් කෙරෙන අතර, සරල බස් වහර නිසාවෙන් ඕනැම අයෙකුට තනියෙන් කියවා අධ්‍යයනය කිරීමට හැකිවෙයි.


රැලි වැටුණු සුළං

කෘතිය – රැලි වැටුණු සුළං
කර්තෘ – තාරකා සම්පතී අබේසේකර
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි
මිල – රු 400
පිටු ගණන – 56

ජීව විද්‍යා ගුරුවරියක් වූ තාරකා සම්පතී අබේසේකර කිවිඳියගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය වන්නේ රැලි වැටුණු සුළංය. සිය පාසල් පරිසරයෙන් මෙන්ම ඒ හා ගැටෙන සමාජයෙන් අවශෝෂණය කර ගන්නා ලද අනුභූතීන් ඔස්සේ ඇය සිය දෙවැනි කාව්‍ය සංග්‍රහය මෙසේ නිර්මාණය කරන්නීය. එකිනෙකට වෙනස් වු මාතෘකා 41 ක් ඔස්සේ ඇය සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට සමත් වී ඇති අතර ඒවා වෙනස්ම ආකාරයේ චිත්තරූප මැවීමට සමත් ය.


ගිම්හානය නිමාවිය

කෘතිය – ගිම්හානය නිමාවිය
කර්තෘ – සෝමලතා වෛද්‍යරත්න
ප්‍රකාශක – සරසවි ප්‍රකාශකයෝ
මිල – රු 850
පිටු – 200

සම්මානලාභී ලේඛිකාවක වන සෝමලතා වෛද්‍යරත්නගේ නවතම කෘතිය වන්නේ ගිම්හානය නිමාවිය නවකතාවයි. මීට පෙර නවකතා, කෙටි කතා ඇතුළු ග්‍රන්ථ ගණනාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර අවස්ථා කිහිපයකදී ඇතියේ කෘති සඳහා සම්මානයට පාත්‍ර වූ අවස්ථාද වෙයි. සෝමලතා වෛද්‍යරත්නගේ ගිම්හානය නිමාවිය නවකතාව හරහා දිගු කලක් තිස්සේ ඇයගේ මතකයේ තිබූ සිදුවීම් කිහිපයක් ප්‍රිතිදායක අවසානයකින් නිමා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division