එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය මරදාන මංසන්ධියේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වීමට තීරණය වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම මැයි දින රැලිය පැවැත්වෙයි. පක්ෂ කළමනාකරණ කමිටුව පසුගියදා රැස්වී මෙම තීරණයට එළැඹ තිබේ.
එජාප මැයි රැලිය නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට කලින් සාකච්ඡා වී තිබුණද පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා ඇත්තේ ජනතාවට පහසුවෙන් පිවිසිය හැකි මෙන්ම ඉඩකඩ ඇති ස්ථානයක් ලෙස මරදාන මංසන්ධියේ ටවර් හෝල් රඟහල අසල මාර්ගය මැයි දින රැලිය පැවැත්වීමට සුදුසු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සංවිධාන කටයුතු කලාප සංවිධායකවරුන් දහසකට පවරා ඇති අතර එක් සංවිධායකවරයෙක් පුද්ගලයන් හැටදෙනා බැගින් මැයි දින රැලියට සහභාගී කරවන ලෙස මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා උපදෙස් දී තිබේ.
එල්. පී සුරංග