අභාවප්‍රාප්ත ප්‍රවීණ ලේඛක සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අවසන් කටයුතු අද (24) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
අභාවප්‍රාප්ත වන විට අසූවැනි වියේ පසු වූ එතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස මෙන්ම මානව ශාස්ත්‍ර පිඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ජනශ්රැති පර්යේෂකයකු, මානව වාග් විද්‍යාඥයකු, සිනමා විචාරයකයකු, ග්රන්ථ රචකයකු හා පර්යේෂකයකු වශයෙන් වෙසෙස් මෙහෙවරක් ඉටුකළ කළ එතුමා රැඟුම් පාලක මණ්ඩලයේ දීර්ඝ කාලයක් කාලයක් සේවය කළේය. 1984දී එතුමන් විසින් ලියන ලද සමාජ මුහුණුවර කෘතියට මෙන්ම 1994 වසරේදී ලියන ලද යථාර්ථය සහ නිර්මාණ යන කෘති රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔහු විසින් නවකතා, විචාර, ග්රන්ථ පරිවර්තන සහ ළමා නිර්මාණ කෘති පනස් හතරක් රචනා කර ඇත.
අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි පල්ලියගුරු මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
ඉනෝකා සමරවික්‍රම