යුක්තිය මෙහෙයුම ශක්තිමත්ව ඉදිරියට යයි. පොලිසිය යතුරුපැදි, පාපැදිවලින් සහ පා ගමනින් ගොස් දිවා රාත්‍රී මෙහෙයුම් සිදු කරයි. මේ නිසා ගම්දනව්වල සිටින කුඩු, ගංජා සිල්ලර සැපයුම්කරුවන්ට තොග සපයන්නන්ගේ ජාලය ද ඇනහිට ඇති සේයක් බැලූ බැල්මට පෙනෙන්නට ඇත. මෙය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට එල්ල වී ඇති දැඩි බලපෑමකි. ඔවුන් අන්දමන්ද වී ඇත. අවශ්‍ය වෙලාවට ‘බඩු’ නොමැත. වෙලාවට නැත්නම් ‘සික්’ එකද වැඩි වේ. කුඩ්ඩෝ මේ වන විට විකල්ප මාර්ග සොයති. මදනමෝදක ගුළිය සොයා යන්නේ ඒ නිසාය. ඔවුන් ඒවායේ ප්‍රමිතිය ගැන තැකීමක් කරන්නෙ නැත. ඒ ගංජා නියමිත මාත්‍රාවට වඩා තිබෙන වෙනත් මත් වන ද්‍රව්‍යයන්ගේ සංයෝගයන් මිශ්‍ර, කෑ විගස ‘නාග සලං‘ වන ගුළි විය යුතුය. දැන් ඔවුන්ගේ රුචියට ඒවා සැපයීමට කුඩ්ඩන්ගේ ආදරණීය සැපයුම්කරුවෝද සූදානම්ව සිටී.
එදා පැවති යුද ජයට විශාල දායකත්වයක් ලබා දීමට ගම්වල වෙසෙන ජනතාව කටයුතු කළෝය. ඒ සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ගම්වල විවිධ සංවිධාන, එකමුතු තොරතුරු ලබා දීම තුළින්ය. වර්තමානයේ ඇත්තේ ද ඊට නොදෙවනි යුද්ධයකි. මුළුමහත් සමාජයම වෙළාගත් ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කර යුක්තියේ මෙහෙයුමට එදා මෙන්ම ගම්වල වෙසෙන ජනතාව ලබා දෙන්නේ නොමඳ සහයෝගයකි. ‘ජන පවුර’ යුක්තිය මෙහෙයුමට බද්ධ වන්නේ පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුවය. යුක්තිය මෙහෙයුම දිනෙන් දින සාර්ථක වෙද්දී ජනතාව අවදියෙන් ඔවුන්ට තොරතුරු ලබා දීමට සැදී පැහැදී සිටිති.
මේ ඊට ආසන්නම උදාහරණයකි. මේ සිද්ධිය වන්නේ මුන්දලම පොලිස් වසමේය. පොලිසියට තොරතුරක් ලැබෙන්නේ කනමුල්ල මහා විද්‍යාලය ආසන්නයේ නිෙවසක මදනමෝදක ගුළි විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවටය. ඊට තොරතුරු ලබා දෙන්නේ ගමේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ‘ජන පවුරේ’ සාමාජිකයින් විසිනි. මුන්දලම පොලිසියේ සිට කිලෝමීටර හතරක පමණ දුරකින් ඇති මේ නිෙවස පිහිටා ඇත්තේද විද්‍යාලයට මීටර් සියයක් පමණ ආසන්නයෙනි. නිෙවසේ රැඳී සිටින්නේ හතළිස් වියැති අයෙකු, ඔහුගේ බිරිය සහ පාසල් වියේ පසුවන වයස අවුරුදු දහයක සහ දොළහක දරුවන් දෙදෙනාය.
ලද තොරතුරට අනුව ඉකුත් 12 වැනි දින මුන්දලම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එම නිෙවසට යාමට කටයුතු කරන ලදි. ජීප් රථය නිෙවසේ ගෙමිදුලේ නවත්වනවාත් සමඟම නිෙවසේ හිමිකරු කලබලෙන් ජීප් රථය වෙත පැමිණ පොලිසිය පැමිණි කාරණය ගැන විමසීය.
“ආ… ඇයි සර් මේ පැත්තෙ ආවේ…?” යැයි යටහත් පහත්ව ඔහු ඇසුවේය.
“අපිට තමුන්ගේ ගෙදර පරික්ෂා කරන්න ඕන…” පොලිස් ස්ථානාධිපතිවරයා තමන් පැමිණි කාරණය සම්බන්ධව සැල කිරීමත් සමඟ කිසිම වරදක් නොකළ අයෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ දැරූ නිවැසියා “අපේ ගෙදර නීතිවිරෝධී කිසි දෙයක් නැහැ… ඇයි සර් එහෙම පරික්ෂා කරන්නෙ?” යැයි ඇසීය. ස්ථානාධිපතිවරයා කෙළින්ම තමන් පැමිණි කාරණය කියා සිටියේය.
“අය්යෝ සර් එන්න එන්න වාඩිවෙන්න මම ළඟ ගොඩක් නෑ… මගෙ යාළුවෙක් ටිකක් ගෙනල්ලා දුන්නා. මම ඉතින් ආසාවට ගත්තා…”යැයි කියමින් නිෙවස තුළට ගොස් ෂොපින් උරයක බහා තිබූ ඇසුරුම් සහිත මදනමෝදක සහිත පැකට් දහයක් පමණ රැගෙන ආවේය. “මේ ටික තමයි තියෙන්නෙ…” යැයි කියමින් ඔහු පොලිස් නිලධාරින් නොමඟ යැවීමට උත්සාහ කළේය.
“අපිව රවට්ටන්න බෑ… එනවා යන්න ගේ ඇතුළට” කියමින් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සැකකරුගේ නිෙවස පරික්ෂා කිරීමට කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.
මෙසේ පරීක්ෂා කිරීමේදී ඔවුන් නිදන කාමරයේ ඇඳ ආසන්නයේ රහසිගත ලෙස පෙට්ටිවල අසුරා තිබූ මදනමෝදක පැකට් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. නිෙවසේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු නිරුත්තර විය. මදනමෝදක ගුළි 4225ක සංඛ්‍යාවක් මෙලෙස සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.
හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට යුක්තිය මෙහෙයුමෙන් සිය ගනුදෙනුකරුවන්ට ‘සැපයුම්’ ලබා දීමට දැඩි බාධාවක් පැවතීම හේතුවෙන් ඊට ඇබ්බැහි වූවන් විකල්පයක් ලෙස මදනමෝදක භාවිතයට විශාල වශයෙන් හුරු වෙමින් පවතින වටපිටාවක මෝදක සැපයුම්කරුවන්ද ඊට අවශ්‍ය සැපයුම් ලබා දීමට කටයුතු කරන්නේ පෙර පැවති මිල ගණන්වලට නොවන බවද මෙහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණය විය. සිල්ලරට විකුණන්නෝද ඊට තවත් අගයක් එකතු කරති. පෙර පැවති මිලට වඩා දෙගුණයකින් අලෙවි කරති. මෝදක පැකට් එකක් වෙළෙඳපොළ වටිනාකම රුපියල් 200ක් බව සටහන් කර තිබුණද මෙම ජාවාරම්කරු එය රුපියල් 400ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලදී හෙළි විය.
දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට ගත් සැකකරු මෙම මෝදක ගුළි පාසල් සිසුන්ටද රහසේ අලෙවි කරන බවට තොරතුරු අනාවරණය විය.
මෙම මදනමෝදක පැකට් තණමල්විල ප්‍රදේශයේ සිට කිසියම් අයකු ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් තමන්ට ලබා දෙන බව පැවසූ ඔහු මේවා රැගෙන එන පුද්ගලයා ගැන තමන් වැඩි තොරතුරක් නොදන්නා බවද පොලිසිය හමුවේ කියා සිටියේය.
පුත්තලම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රුද්රිගෝගේ අධීක්ෂණය යටතේ මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණී වික්‍රමසිංහ, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩී.එම්.එෆ්. රණවීර සැරයන්වරුන් වන (16419) නාලක, (533514) ජයවර්ධන, සහ කොස්තාපල් (90299) අසන්ත යන නිලධාරීහු වැටළිමට එක්ව සිටියහ.
මිහිර විජේසේකර - මාරවිල සමූහ