නිපුණතාව හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව ඇති බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරැදි උපදේශන සේවාවක් භාවිත කළ යුතුව ඇති බවත් ඕස්ට්‍රේලියා ගේට්වේ ආයතනයේ සභාපති හා නීතිඥ සුසන්ත කටුගම්පොළ සඳහන් කරයි.
“ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සබඳතාව වර්ධනය කර ගනිමින් ඕස්ට්‍රේලියාවට නිවැරැදි හා නීත්‍යානුකූලව ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම අප ආයතනයේ ප්‍රධාන අරමුණයි.
ඒ සඳහා ශ්‍රී ලාංකිකයින් වෙත නිවැරැදි මඟ පෙන්වීම ලබා දීමට ඕස්ට්‍රේලියා ගේට්වේ ආයතනය හා ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තියෙන හොඳම අවස්ථාවක් ලෙස නිපුණතා සංක්‍රමණය පෙන්වා දිය හැකියි. ඒ සඳහා වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපනය හා ඉංග්‍රීසි දැනුම වැදගත් වන අතර එම අයට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය මෙන්ම පුරවැසිභාවය ලබාගත හැකියි.
ශ්‍රී ලංකාවේ සමාගම්වලට ඕස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීමට ඉහළ අවස්ථාවක් උදාවී තිබෙනවා. දේපළ සංවර්ධනය, කෘෂිකාර්මික අංශය, සේවා අංශය හා සම්පත් අංශයේ ආයෝජනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා…”