Home » “Vision Care Primary Eye Screening Program” දියත් කරයි

“Vision Care Primary Eye Screening Program” දියත් කරයි

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

විෂන් කෙයා ආයතනය ලෝක දෘෂ්ටිමිතික සතිය වෙනුවෙන් “Vision Care Primary Eye Screening Program” දියත් කළ අතර, ඒ සමගම ‘Vision Care Eye Screening and Educational Toolkit’ උපකරණ කට්ටලයද හඳුන්වා දෙනු ලැබීය. ගෝලීයව අක්ෂි සෞඛ්‍ය සුරැකීම සඳහා ඉදිරිගාමී දෘෂ්ටිමිතික කැපවීමක් (Advancing Optometry’s Commitment to Global Eye Care) යන මැයෙන් වූ මෙම වර්ෂයේ තේමාව පෙරදැරිව සැමට අක්ෂි ආරක්ෂණ උපකරණ සහ සේවා සමීප කිරීමේ අරමුණින් ආයතනය වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍යවරුන්ගේ පාසලේ සභාපති සහ අක්ෂි විශේෂඥ වෛද්‍ය අමිල ද අල්විස්, පැවැසුවේ “දෘෂ්ටිමිතික වෘත්තීයවේදීන්ට නිවැරැදි පුහුණුව සහ පහසුකම් මගින් දෘෂ්ටිමිතික අවශ්‍යතා හඳුනාගෙන ක්ෂේත්‍රය තුළ ගුණාත්මක ප්‍රවර්ධනයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා…” යනුවෙනි. ආයතනයේ සාමාන්‍යාධිකාරී හර්ෂ මදුරංග කියා සිටියේ, “ පුහුණුවලත් දෘෂ්ටිවේදීන් 1000ක් පමණ මෙරට සිටියි. එසේම අප ආයතනයේද 200කට අධික දෘෂ්ටිවේදීන් සිටින අතර ඔවුන් ජනතාවගේ අක්ෂි සුරක්ෂිත කිරීමට සුවිසල් කැපවීමක් සිදුකරයි…” විෂන් කෙයා ඇකඩමියේ ප්‍රධානී විද්‍යා ජයරත්න කියා සිටියේ, 0761253094 අංකය ඇමතීමෙන් මෙම අක්ෂි පරීක්ෂණ මෙවලම් කට්ටලය නොමිලයේ ලබා ගත හැකි බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division