Home » RDB බැංකුව පළාත් විශිෂ්ට ශාඛා අගයයි

RDB බැංකුව පළාත් විශිෂ්ට ශාඛා අගයයි

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

2023 ඌව පළාත් කාර්ය සාධන ඇගයීමේ උළෙල බදුල්ල Nestline හෝටල් පරිශ්‍රයේදී 2024.03.19 දින උත්කර්ෂවත් අන්දමින් බැංකුවේ සභාපති ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය වසර තුළ ශාඛා පද්ධතියේ තැන්පතු වර්ධනය, අඩු පිරිවැය තැන්පතු වර්ධනය, ණය වර්ධනය, ප්‍රතිමූල්‍ය ණය වර්ධනය, උකස් ණය වර්ධනය, දොරින් දොර අත මාරු ණය වර්ධනය, අඩුම අක්‍රමික ණය ප්‍රතිශතය, අක්‍රමික ණය පාලනය, ශාඛා ජාලය තුළ වැඩිම ලාභය, ඉහළම කාර්ය සාධනය ඇති ශාඛාව යන අංශ සලකා බැලිනි.

වැඩිම ලාභය ලබා ගත් ශාඛාව ලෙස බදුල්ල ශාඛාව සම්මාන ලබාගත් අතර, එහි දෙවැනි ස්ථානය මහියංගනයටත් තුන්වැනි ස්ථානය පස්සර ශාඛාවටත් හිමි විය.

ඉහළම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය හිමි වූයේ පළාතේ අති දුෂ්කර ශාඛාවක් වන සෙවනගලටය. රිදී සම්මානය මැදගම ශාඛාවටත් ලෝකඩ සම්මානය බණ්ඩාරවෙලටත් හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division