Home » කොළඹ විශාලම ධාවන වැඩසටහනට AIA අඛණ්ඩ දායකත්වය

කොළඹ විශාලම ධාවන වැඩසටහනට AIA අඛණ්ඩ දායකත්වය

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩ 4 වන වරටත් රජත අනුග්‍රාහක ලෙස, කොළඹ නගරයේ විශාලතම ධාවන ව්‍යාපෘතිය වන RFTL (Run For Their Lives) සඳහා මේ වසරේදී ද සහාය ලබා දෙන ලදී.

එහි අරමුණ වූයේ, මහරගම අපේක්ෂා රෝහලට ආධාර මුදල් රැස් කිරීම සහ පිළිකාව පිළිබඳ දැනුම්වත් කිරීමයි.

2030 වසර වන විට බිලියනයක් ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇතිකිරීම වෙනුවෙන් වන AIA අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා RFTL සඳහා සහභාගී වූ පුද්ගලයින්ව, දීර්ඝ කාලීනව සෞඛ්‍ය සම්පන්නව සිටීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලට එකතු කරගත හැකි හොඳ පුරුද්දක් පිළිබඳ ප්‍රතිඥා දීමටද උනන්දු කෙරිණි.

AIA ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය කියා සිටියේ, “මේ සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ සහාභාගී වීමෙන් ප්‍රජාව වෙනුවෙන් ඔවුන් තුළ ඇති සංවේදීබවත්, සමාජය වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් ඔවුන් තුළ ඇති වටිනාකමත් පිළිබිඹු වුණා. සැමගේ සහභාගීත්වයෙන් අප පිළිකා ප්‍රතිකාර සඳහා අරමුදල් රැස් කරමින්, රෝගීන් රැකබලා ගැනීමට උපකාර කරනවා පමණක් නොව, පිළිකාව කල්තියා හඳුනා ගැනීම සහ වළක්වා ගැනීමට දැනුම්වත් කිරීම් සඳහාද අපගේ සහයෝගය සපයනවා…”යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division