Fitch ශ්‍රේණිගත කිරීම් ව, AA-( lka) ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන අබාන්ස් පීඑල්සී හි AA-( lka)Stable යෝජිත ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම සඳහා හිමි වී ඇත.
මෙම ශ්‍රේණිගත වීමත් සමග අබාන්ස් සමාගම සතු මුල්‍යමය ස්ථාවරත්වය මනාව පිළිඹිබු වන අතර දීප ව්‍යාප්ත බෙදාහැරීමේ ජාලය සහ ස්ථාවර වෙළඳනාම ජාලය ඔස්සේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මනාව තහවුරු කරයි.
මෙම ශ්‍රේණිගත කිරීම ඔස්සේ ක්ෂේත්රයේ වෙනත් තරඟකාරී ආයතනවලට වඩා කැපී පෙනෙන ලෙස ස්ථාවරව ඉදිරියෙන් සිටීමට අබාන්ස් පීඑල්සී සමත්ව සිටියි.
අබාන්ස් ව්‍යාපාර සමූහයේ ප්‍රමුඛතම අංශය වන අබාන්ස් පීඑල්සී විකිණුම් අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වශයෙන් ලොව සුපතල ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ, පරිගණක, ජංගම දුරකතන ඇතුළු විවිධත්වයෙන් යුතු නිෂ්පාදන ගණනාවක් සඳහා එකම බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරයි.
LMD වාර්ෂික වෙළඳ සන්නාම සමීක්ෂණයක දී ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත් සන්නාමය බවට අබාන්ස් පීඑල්සී හඳුන්වා දී ඇත.
එමෙන්ම අබාන්ස් පීඑල්සී හි මෙහෙයුම් කටයුතුවල විශිෂ්ඨත්වය වෙනුවෙන් Great Place to Work ආයතනය මඟින් පිරිනමන තත්ත්ව සහතිකය හිමිකර ගැනීමටද ඔවුන් සමත්ව ඇත. එමෙන්ම ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වඩාත්ම කැපී පෙනෙන සන්නාමයක් වශයෙන් ඉහළින් සිටීමට අබාන්ස් පීඑල්සී සමත්ව සිටියි.
1968 වසරේ දී අබාන්ස් පෙස්ටොන්ජි විසින් ඉතා කුඩා වෙළඳසැලක් වශයෙන් ආරම්භ කළ අබාන්ස් ව්‍යාපාර සමූහය විවිධත්වයෙන් යුතු ව්‍යාපාර අංශ
ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වන ස්වාධීන සමාගම් 30කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යයි. සමාගම පුළුල් කිරීමේ උපාය මාර්ගයට පිවිසෙමින් 2014 කොළඹ කොටස් වෙළඳපොළේ ණය සුරැකුම් සඳහා ලැයිස්තුගත සමාගමක් වශයෙන් ස්ථාපිත වෙමින් තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අබාන්ස් පීඑල්සී සමත් විය.