තාක්ෂණ අමාත්‍යාංශය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පිළිබඳව සංවිධානය කළ සමුළුවක් පසුගියදා කොළඹදී පැවැත්විණ. සැසි තුනකින් සහ හමු කිහිපයකින් සමන්විත වූ එම සමුළුවේදී සේවා සැපයීම යථාර්ථයක් බවට පත් කිරීම, අන්තර්ග්රහණීයත්වය ප්‍රවර්ධනය කරමින් ප්‍රජාවන් බලගැන්වීම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙසින් සාකච්ඡා කෙරිණි සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි. ශ්‍රී ලංකා ආර්ථිකය ඩිජිටල්කරණය සඳහා DPI ප්‍රධානතම සාධකයක් බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සාර්ථක ක්‍රියාමාර්ගයන් දේශීය වශයෙන් ක්‍රියාවට නංවමින් වර්ධනය වේගවත් කිරීමට ඇති හැකියාව ඉස්මතු කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම ක්ෂේත්රය තුළ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. පිළිගැනීමේ කතාව සිදු කරමින් මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනය සහ DPI සහ India Stack හි වැදගත්කම අවධාරණය කළ අතර ඉන්දියාවේ DPI මධ්‍යස්ථානයේ සම සභාපති ආචාර්ය ප්‍රමෝද් වර්මා මහතා ද සිය ඉදිරිපත් කිරීම අතරතුරදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවක්
714