Home » අතුරුදන්වූවන්ගේ පැමිණිලි 2025 දී නිම කිරීමට පියවර

අතුරුදන්වූවන්ගේ පැමිණිලි 2025 දී නිම කිරීමට පියවර

by Mahesh Lakehouse
March 30, 2024 12:35 am 0 comment
අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ලැබී ඇති පැමිණිලි විමර්ශන ලබන වසර නිමවීමට පෙර අවසන් කර වන්දි ලබාදීමට සැලසුම් කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

අධිකරණ ඇමැතිවරයා පෙන්වා දෙන්නේ 1971 කැරැල්ලෙන් 12,000ක් ද, 1989 භීෂණ තත්ත්වයෙන් 60,000ක් ද දශක තුනක පැවති ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් මරණ 60,000 ක් ද සිදුව ඇති බවයි. අගතියට පත් අයගේ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර මාර්ගෝපදේශ සකස් කර ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

2016 පෙබරවාරි 28 වන දින අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කළ ද ඒ කාලය පුරාම විමර්ශන සිදු කර තිබුණේ පැමිණිලි 62 පමණක් බැවින් තමන් අධිකරණ ඇමැතිවරයා වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් පසු

විමර්ශන දත්ත පරීක්ෂා කරමින් එම ක්‍රියාවලිය වේගවත් කිරීමට උපදෙස් ලබා දුන් බව ද ඔහු පැවසුවේය.

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මේ වන විට ලැබී ඇති පැමිණිලි 14,700න් පැමිණිලි 5,600ක පමණ විමර්ශන සිදු කර ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division