Home » තෑගි දෙන බව කියන වෙළෙඳ නාම සමඟ සම්බන්ධ නොවන්න

තෑගි දෙන බව කියන වෙළෙඳ නාම සමඟ සම්බන්ධ නොවන්න

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි

by Mahesh Lakehouse
March 30, 2024 12:34 am 0 comment

වෙ‍ෙළඳ සලකුණු මඟින් තෑගි ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍යයේ හුවමාරුවන සබැඳි (Links) හා සම්බන්ධ වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ පවසන්නේ එම සබැඳි SMS, WhatsApp, X (Twitter), Facebook සහ ජංගම දුරකතනයට ලැබෙන ඇමතුමක් ලෙසින්ද ලැබිය හැකි බවයි. මේ බොහෝ සබැඳි ව්‍යාජ ඒවා බවත් ඒ බව නොදැන ‘ෂෙයාර්‘ කරන මිතුරු කණ්ඩායම් හරහා ඒවා ලැබිය හැකි බවද ඔහු පෙන්වාදෙයි.

එම සබැඳි හා එක්වීමේදී ජාතික හැඳුනුම්පත (NIC), බැංකු ගිණුම් විස්තර, මුරපද (OTP), සේවා ස්ථාන විස්තර වැනි පෞද්ගලික තොරතුරු ලබාගෙන ඒ හරහා විශාල ගැටලුවලට මෙන්ම බැංකු ගිණුම්වල ඇති මුදල් පවා අහිමි වීමට ඉඩ ඇති වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division