Home » ඡන්ද ළං වෙනකොට ආණ්ඩුව බදු අඩු කරනවා

ඡන්ද ළං වෙනකොට ආණ්ඩුව බදු අඩු කරනවා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න

by Mahesh Lakehouse
March 30, 2024 12:33 am 0 comment

ආණ්ඩුව මැතිවරණයක් ආසන්න වන විට බදු අඩු කරන බවත් ඒ හරහා ගොවියන්ට සහනයක් නොලැබෙන බවත් පවසයි.

‘මේවා ඇත්තටම තාවකාලික පැලැස්තර. ඒවා ගොවියාට ලබා දෙන තිරසර විසඳුමක් නෙමෙයි. මේක නිකං අපායේ ඉන්ටවල් එකක් වගේ. රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලනික වෙනසක්.

ඡන්දයට කරන රැවටීම් ඉවර වෙනකොට සිය ගුණයකින් දහස් ගුණයකින් යළිත් බදු වැඩි කරනවා, ජනතාවට බදු බර පටවන හැටි අපිට පේනවා. ආණ්ඩුව යම් සහනයක් දෙනවා නම් එය නරකයි කියලා කියන්න බැහැ. සහන දෙන එකේ අරමුණ සහ පසුව සිදු වන ක්‍රියාවලිය බරපතළයි කියලා අපිට පේනවා.

ජනතාවට ගහන්න පුළුවන් උපරිම බදු ගහල පොඩි සහනයක් දීමයි මෙච්චර කල් සිද්ධ වුණේ. නිවැරදි විද්‍යානුකූල විසඳුම් සොයනවා වෙනුවට පාලකයන් මුහුණ දිලා තියෙන ප්‍රශ්නයටයි ඒ අය මේ අය විසඳුම් හොයන්නේ‘ නිසි විසඳුම් නොදුන්නොත් මීට වඩා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ආණ්ඩුවට සිදුවෙන බව ඔහු අවධාරණය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division