ලාබයි ඇපල්
කෘතිය – ලාබයි ඇපල්
කර්තෘ – තුෂාරි අබේසේකර
ප්රකාශනය – සී / සහිත
ඇම්. ඩි. ගුණසේන සමාගම
මිල – රු 1000
පිටු ගණන – 235
තුෂාරි අබේසේකරගේ අලුත්ම නවකතාව වන්නේ ලාබයි ඇපල් ය. මීට වසර විසි ගණනකට පෙර අතීතයේ කතුවරිය ලද අත්දැකීමක් අනුසාරයෙන් මෙම කෘතිය රචනා වී ඇති අතර එහිදී ජීවිතයට ඇපල් ගෙඩියකින් ලබාදුන් අත්දැකීම් අනුසාරයෙන් කතාව දිග හැරී ඇත.
විසිපස් වෙනි තට්ටුව
කෘතිය – විසිපස් වෙනි තට්ටුව
කර්තෘ – චූලාභය ශාන්ත
කුමාර හේරත්
ප්රකාශනය – ෆාස්ට් පබිලිකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්
මිල – රු 725
පිටු ගණන – 96
කතුවරයාගේ මුල්ම කෙටි කතා එකතුව වූ විසිපස් වෙනි තට්ටුවේ තෙවැනි මුද්‍රණයයි. ජීවන ගමන් මගේදී අපට හමුවන අනන්ත අපරිමිත සිදුවීම් අතුරින් කෙටි කතාවන්ට සුදුසු මාතෘකා යොදා ගනිමින් මෙම කෙටි කතා පොත රචනා කර ඇත්තේ සිත් ගන්නා සුළු භාෂා විලාසයකිනි.
මිනී කපන්නාගේ දියණිය කවිකාරයා ද කසකාරයෙකි
කෘතිය – මිනී කපන්නාගේ
දියණිය – කවිකාරයා ද
කසකාරයෙකි
කර්තෘ – රඹුක්කන කීර්ති
එස්. කුමාර
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයකි
මිල – රු 600
පිටු ගණන – 56
වෙනස්ම වූ මාතෘකා ඔස්සේ කවි රසවින්දනයට කැමැති අයට කියවිය හැකි කීර්ති එස්. කුමාරගේ තවත් අලුත්ම කාව්‍ය සංග්‍රහයක් වන්නේ මිනී කපන්නාගේ දියණියයි. දශක ගණනාවක් පුරා පුවත්පත්වලට කාව්‍ය නිර්මාණ යොමු කරමින් පාඨකයින් අතර නමක් දිනාගෙන සිටින කීර්තිගේ මේ කෘතියේ බාහිර නිමාවද සිත් ඇඳගන්නා සුළු නිමාවකින් යුතුය.