Home » පෘතුගාලය ආර්ථික අර්බුදයෙන් ගොඩ ගිය හැටි

පෘතුගාලය ආර්ථික අර්බුදයෙන් ගොඩ ගිය හැටි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

ණය අර්බුදයෙන් ගොඩගිය රටවල්

පෘතුගාලය ඒකීය අර්ධ-ජනාධිපතිමය ජනරජයකි. එය පිහිටා ඇත්තේ, නිරිත දිග යුරෝපයේ, අයිබීරියානු අර්ධද්වීපයෙහි වන අතර, බටහිර දිශාවෙන් සහ දකුණු දිශාවෙන් අත්ලාන්තික් සාගරයෙන් ද, උතුරු සහ නැඟෙනහිර දිශාවලින් ස්පාඤ්ඤයෙන් ද මායිම් වී ඇති එය, ප්‍රධාන-භූමි ප්‍රදේශ යුරෝපයෙහි ඉතාමත් බටහිර දිශාවෙන් පිහිටි රට වෙයි. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි, සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. යු‍රෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමෙරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන සංගම්වල සාමාජිකත්වය දරයි.

කෙසේ වෙතත් පෘතුගාලය 2011-2014 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් සහ යුරෝපීය ණය අර්බුදයට පත්වූ රටකි. පෘතුගාලය රාජ්‍ය ණය සහ බැංකු අංශයේ අර්බුදයක් ඇතුළු සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දුන්නේය. IMF යුරෝපීය සංගමය සහ යුරෝපීය මහබැංකුව, පෘතුගාලයට මූල්‍ය ආධාර සැපයීය. රට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, මූල්‍ය ඒකාග්‍රතා පියවර සහ ශ්‍රම වෙ‍ෙළඳපොළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෘතුගාලයට තම ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත්, ආයෝජකයන්ගේ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමටත්, ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා නැවත යාමටත් හැකි විය.

මෙහිදී පෘතුගාලයට මූල්‍ය ආධාර වශයෙන් යුරෝ බිලියන 78ක පැකේජයක් ලැබුණි. එය IMF යුරෝපීය සංගමය සහ යුරෝපීය මහ බැංකුව විසින් ඒකාබද්ධව සපයන ලදි. මෙම අරමුදල් රටේ මූල්‍ය ස්ථාවර කිරීමට සහ වෙ‍ෙළඳපොළ විශ්වාසය සහ වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් කිරීමට උපයෝගි කරගැනීමට පෘතුගාලය පියවර ගනු ලැබිණි. රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම තුළ පෘතුගාලය ඉහළ මට්ටමේ රාජ්‍ය ණය පියවීම සඳහා සැලකිය යුතු මූල්‍ය විනය ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කරන ලදී. රාජ්‍ය වියදම් අඩු කිරීම, බදු වැඩි කිරීම සහ රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැනි පියවරයන් අනුගමනය කරන ලදී. මෙම ශ්‍රම වෙ‍ෙළඳපොළ ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීමේ පියවර සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පියවර ඇතුළත් විය. එසේ මෙහිදී ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් කතා කිරීමේදී පෘතුගාලයේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා IMF තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. එය ජාත්‍යන්තර මූල්‍ය වෙ‍ෙළඳපොළ වෙත නැවත ප්‍රවේශය ලබා ගැනීමට,ණය ගැනීමේ පිරිවැය අඩු කිරීමට සහ ආයෝජකයන්ගේ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී විය.

කෙසේ වුවත් පෘතුගාලය 2014 මැයි මාසය වන විට IMF සම්බන්ධ වැඩසටහන සාර්ථකව නිම කරන ලද අතර, රටේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර එම වැඩසටහන්වල අරමුණු සාක්ෂාත් කරගෙන ඇති බව පෙනෙයි. මෙය සාර්ථකව නිම කිරීමට, මූල්‍ය විනය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පෘතුගාලයේ කැපවීම පෙන්නුම් කර ඇති බව ඉතා පැහැදිලිය. මේ වැඩසටහනේ ප්‍රගතින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී IMF වැඩසටහන අනුව ක්‍රියාත්මක වෙමින් පෘතුගාලය ඒ රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇති කර ගැනීමට පියවර රැසක් අනුගමනය කරන ලදි. එහිදී මූලික වශයෙන් විරැකියා අනුපාත අඩු කර ගැනීමට වෙනත් රටවල් සමඟ ඇති තරගකාරීත්වයේ යථාවත් කිරීමටත් පියවර ගනු ලැබිණි. පෘතුගාලයේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සාර්ථකත්වයක් අත්කර ගත්ත ද එහිදී අභියෝග රැසකට මුහුණ දෙන ලදි. පෘතුගාලයේ මූල්‍ය අසමතුලිතතාව අඩු කර ගැනීමට ආදායම් වියදම් සීමා කිරීමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන ලදි. එනම් පොදු සේවාවන්හි වියදම් සීමා කිරීම, රාජ්‍ය සේවාවන්වල වැටුප් වැඩි ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සහ බදු වැඩි කිරීම් ආදිය වෙයි. මෙමඟින් අයවැය හිඟය අඩු කරගැනීමට හැකි වූ අතර, ඒවා සමාජ දුෂ්කරතා සහ ආර්ථික වර්ධනයට කෙටිකාලීනව විසඳුම් විය. එසේම බැංකු අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් ද ඇති විය. බැංකු පද්ධතියේ මූල්‍ය තත්ත්වයන්ගේ විනිවිදභාවය වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත. අර්බුදයට පත් වූ බැංකු නැවත ප්‍රාග්ධනීකරණය කර ඒවායේ ස්ථායීතාව ඉහළ නැංවීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන ලදි.

එසේම ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණය කිරීම, නම්‍යශීලී ප්‍රතිපත්ති සහ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා ඔවුන් ශ්‍රම වෙ‍ෙළඳපොළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලදි. මේ ප්‍රතිසංස්කරණ මඟින් සේවා යෝජකයන්ට කම්කරුවන් බඳවා ගැනීම සහ සේවයෙන් විශ්‍රාම ගැනීම් සහ වෘත්තීය පුහුණු වැඩසටහන් වැඩිදියුණු කිරීම සිදු කර ඇත. එහි ඉලක්කය වූයේ ශ්‍රම වෙ‍ෙළඳපෙළේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සහ රැකියා උත්පාදනය ඉහළ නැංවීමයි. එසේම පෞද්ගලීකරණය සහ රජය සතු ව්‍යවසාය වැඩසටහන් යටතේ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමට සහ ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව බලශක්තිය, ප්‍රවාහනය සහ විදුලි සංදේශ වැනි අංශවල රජය සතු වත්කම් විකිණීම මෙයට ඇතුළත් විය. පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ මෙම අංශවල සමස්ත කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම එම පුද්ගලීකරණ ක්‍රියාවලියේ අරමුණ විය.

පෘතුගාලයේ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම වෙනුවෙන්, නිලධාරීන් අඩු කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ඇතුළත් කරන ලදි. එහි ඉලක්කය වූයේ අපනයන ඉහළ නැංවීම, ආනයන මත යැපීම අඩු කිරීම සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි. සමස්තයක් වශයෙන්, පෘතුගාලය සඳහා වන IMF ආධාරක වැඩසටහන රටේ ආර්ථිකය ස්ථාවර කිරීම, ආයෝජකයන්ගේ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනෙයි. මෙම වැඩසටහන යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ ආර්ථික ස්ථායීකරණය කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත් අතර, තිරසර වර්ධනයක් අත්කර ගැනීමේදී දිගුකාලීන ප්‍රතිසංස්කරණ ඇති කරන ලදි.

මේ IMF මඟින් සපයන ආධාර වැඩසටහන් සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගැනීමේදී පෘතුගාලය අභියෝග කිහිපයකට මුහුණ දෙන ලදි. එහිදී මේ ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාවට නංවන ලද යම් යම් ක්ෂේත්‍රවල සීමා කිරීම් වැනි පියවර නිසා මහජනතාවගෙන් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් සැලකිය යුතු විරෝධයකට මුහුණ දෙන ලදි. වියදම් කපා හැරීම් සහ බදු වැඩි කිරීම් ඇතුළු පියවර කෙටිකාලීනව සමාජ දුෂ්කරතා ඇතිවීමට හේතු විය. එහිදී ඇති වූ දේශපාලනික හා සමාජ ප්‍රතිරෝධයන් හමුවේද වුව මෙම පියවර ඉදිරියට ගෙන යන ලදි. පෘතුගාලය ඵලදායිතා අඩු වර්ධනය, ශ්‍රම වෙ‍ෙළඳපොළෙහි ඇතැම් දුර්වලතා සහ ඇතැම් අංශවල අවිධිමත්භාවයක් නිසා දිගුකාලීන ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දෙන ලදි. මෙම ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා IMF වැඩසටහනේ එකඟතාවන් අනුව තිරසර ප්‍රතිසංස්කරණ සිදු කරන ලදි.

විශේෂයෙන්ම තරුණයන් අතර විරැකියා අනුපාතය ඉහළ යාම මෙහි තවත් අභියෝගයක් විය. ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ මඟින් නම්‍යශීලිභාවය සහ රැකියා උත්පාදනය වැඩිකිරීම අරමුණු කරගත් නමුත් එහි ප්‍රතිඵල ළඟා කර ගැනීමට යම්කිසි කාලයක් ගත විය.එවක පැවැති ගෝලීය ආර්ථික සාධක පෘතුගාලයේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ද බලපෑවේය.

ප්‍රධාන වෙ‍ෙළඳ හවුල්කරුවන්ගෙන් ඉල්ලුම අඩු වීම, මූල්‍ය වෙ‍ෙළඳපොළ අස්ථාවරත්වය සහ යුරෝ කලාපය වටා ඇති අවිනිශ්චිතතාවන් පෘතුගාලයේ ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කරන ලදි. මෙම අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා රජයෙන් තිරසර කැපවීම, අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීම සහ තිරසර ආර්ථික වර්ධනයට සහ සමාජ ඒකාබද්ධතාවයට සහාය වන දිගුකාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය විය.

කෙසේ වුවත් මේ වන විට පෘතුගාලය ක්ෂේත්‍ර කිහිපයකින් ප්‍රගතියක් ලබා ඇති අතර, ප්‍රතිසංස්කරණ කල් පැවැත්ම සහතික කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් අවශ්‍ය වූ පසු වැඩසටහන් කාලසීමාව අඛණ්ඩ අභියෝග ඉදිරිපත් කරන ලදි. IMF සහයෝගය ලැබීමෙන් අනතුරුව මන්දගාමී ආර්ථික යථාවත් කිරීමට පෘතුගාලය ගත් පියවර මොනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. පෘතුගාලය ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ එයට මුහුණ දුන් ව්‍යුහාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඉන් ගනු ලැබිණි.

එහිදී පෘතුගාලය ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, නිලධාරිවාදය අඩු කිරීම සහ ආයෝජන සඳහා දිරි ගැන්වීම් ලබාදීම සඳහා එරට රජය පියවර රැසක් ගෙන ඇත. මෙම ප්‍රයත්නයන් මඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් ඉහළ නැංවීම, රැකියා උත්පාදනය සහ ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. නවෝත්පාදන පර්යේෂණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ව්‍යවසායකත්වයට සහාය වීම අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. එහි ඉලක්කය වූයේ රටේ කර්මාන්ත නඟාසිටුවීම සහ ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළේ තරග කිරීමේ හැකියාව වැඩි කිරීමයි. මෙහිදී පෘතුගාලය සිය ශ්‍රම වෙ‍ෙළඳපොළ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් රැකියා අවස්ථා වැඩි කිරීම, විරැකියාව අවම කිරීම සහ කුසලතා සහ රැකියා අවශ්‍යතා අතර ගැළපීම වැඩිදියුණු කිරීම සිදුකර ඇත.

රැකියා උත්පාදනයේ වඩා වැදගත් සාධකයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් විය. මෙම ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමෙන්, පෘතුගාලය ඉලක්ක කළේ ආර්ථික වර්ධනය, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සහ වඩාත් ශක්තිමත් සහ තිරසාර ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. පෘතුගාලය සිය අය වැය හිඟය අඩු කිරීමට සහ රාජ්‍ය වියදම් පාලනය කිරීමට මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලදි. රාජ්‍ය වියදම් අඩු කිරීම, රාජ්‍ය පරිපාලනය විධිමත් කිරීම සහ රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් විය. මෙහි ඉලක්කය වූයේ තිරසර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් ළඟා කර ගැනීම සහ අධික ලෙස ණය ගැනීමේ අවශ්‍යතාව අවම කිරීමයි. එසේම එරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ගයක් ද අනුගමනය කළේය. කල් පිරීම දීර්ඝ කිරීම, පොලී අනුපාත අඩු කිරීම හෝ වඩාත් හිත කර කොන්දේසි යටතේ ණය ප්‍රතිමූල්‍යකරණය ණය කොන්දේසි සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම මෙයට ඇතුළත් විය. එසේම ප්‍රවාහනය සහ විදුලි සංදේශ වැනි අංශවල රජය සතු වත්කම් විකිණීම, පුද්ගලීකරණය කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කරන ලදි.

පෘතුගාලය ණය තිරසරබව සහතික කිරීම සඳහා දිගුකාලීන සැලසුම්වල නිරත විය. තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැනි රටේ ආර්ථික වර්ධන අපේක්ෂා වැඩි දියුණු කිරීමට පියවර ගැනීම මෙයට ඇතුළත් විය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හරහා පෘතුගාලය දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගැනීමට සමත් විය. 2021 සැප්තැම්බරයේ වන විට එහි ප්‍රගතියක් අත් කරගත්ත ද පෘතුගාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය 2012 දී විශාල ලෙස පහත වැටී ඇත.

පෘතුගාලයේ ඉහළ රාජ්‍ය ණය මට්ටම් විසඳීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම ආයෝජකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර වැඩිදියුණු වූ අවබෝධයක් සඳහා දායක විය. පෘතුගාලය රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍ර හරහා සැලකිය යුතු වියදම් කප්පාදුවක් ක්‍රියාත්මක කළේය. පෘතුගාලයේ පළමු මූල්‍ය ආධාර වැඩසටහන අවසන් කිරීමෙන් පසු IMF විසින් පවත්වන ලද පශ්චාත් අධීක්ෂණ යටතේ රටේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සහ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණවල තිරසරභාවය සහතික කිරීම අරමුණු කරගෙන ඇත.

මෙම මඟ පෙන්වීම සමඟ ගමන් කිරීම හොඳ සාර්ව ආර්ථික රාමුවක් පවත්වා ගැනීමට උපකාරී විය. IMF විසින් පෘතුගාලයේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිතිපතා සමාලෝචන සහ තක්සේරු කිරීම් හරහා අධීක්ෂණය කරන ලදි.

IMF අඛණ්ඩ මැදිහත් වීම නිසා ආයෝජකයන්ට, ණය හිමියන්ට ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළට එමඟින් යම් සහතිකයක් ලබා දීම සිදු විය. මෙම විශ්වාසය සමස්ත ආර්ථිකය යථාවත් කිරීමට සහාය වෙමින් හිතකර කොන්දේසි යටතේ ණය ගැනීම සඳහා වැදගත් විය. මේ මාර්ගෝපදේශ සැපයීම, ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, වෙ‍ෙළඳපොළ විශ්වාසය පවත්වා ගැනීම නිසා IMF පළමු මූල්‍ය ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ තිරසරබව සහතික කිරීම නිසා පෘතුගාලයේ ආර්ථික නැවත නඟාසිටුවීමට උපකාර විය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division