Home » නව රැකීරක්ෂා පනත ළඟදීම
සියලු ශ්‍රමිකයන්ට EPF - ETF හිමි 

නව රැකීරක්ෂා පනත ළඟදීම

by Mahesh Lakehouse
April 6, 2024 12:40 am 0 comment

අවිධිමත් රැකියාවන්හි නිරතව සිටින සියලු ශ්‍රමිකයන් ද ඇතුළත් වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නිරතව සිටින සියලු දෙනාගේ රැකියා විධිමත්ව සිදු කරගෙන යාම පිණිස මෙන්ම එම සියලු දෙනාට සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදලේ ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි නව රැකීරක්ෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් පියවර ගෙන ඇත.

මෙහිදී සේවක අර්ථසාථක අරමුදල හා සේවක භාරකාර අරමුදල එක්කර පොදු සමාජ ආරක්ෂණ අරමුදලක් යටතේ ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ හිමිවන අතර කුමන සේවයක නිරතව සිටියද ප්‍රසූත සමයේදී හාම්පුතුන්ට බරක් නොවන සේ විශේෂ ප්‍රසූත දීමනාවක් ගෙවීමටද ගැබිනි මාතාවන්ට කටයුතු කෙරෙනු ඇත.

ඇමැති මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම අනුව පනත කෙටුම්පත් කර ඇති අතර නව රැකීරක්ෂා පනතට අනුව ත්‍රිරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියැදුරු, කොන්දොස්තරවරුන්, ස්වයංරැකියා සිදු කරන වැද්දුම්කරුවන් පෙදරේරුවන් ඇතුළු සියලු වෘත්තිකයන්ට සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිවනු ඇත.

ඒ අනුව අවිධිමත් වෘත්තීන්හි නිරතවන ශ්‍රමිකයන් පොදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදල එක්ව ගොඩනඟන නව අරමුදලේ සාමාජිකත්වය කරා යොමු කෙරෙන අතර එහිදී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර කිබේ. එම කමිටුව විසින් අදාළ අවිධිමත් වෘත්තිකයන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදය හරහා සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලේ එක්ව ගොඩනඟන නව සමාජ ආරක්ෂණ අරමුදලේ සාමාජිකත්වයට ඇතුළත් කර ගැනීම ප්‍රායෝගිකව සිදු කරනා ආකාරය සම්බන්ධ වාර්තාව මේ මස නිමවීමට පෙර ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.

එම වාර්තාව ලැබීමෙන් පසු නව රැකීරක්ෂා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර එය කඩිනමින් සම්මත කර මාස කීපයක් ඇතුළත බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා විසින් දැනටමත් සිදු කරමින් සිටී. නව රැකීරක්ෂා පනත හරහා පෞද්ගලික අංශයේද සියලු ශ්‍රමිකයන්ට වර්තමානයේ හිමි අයිතිවාසිකම්වලට වඩා වැඩි අයිතිවාසිකම් හිමිවන අතර සේවකයන්ගේ වෘත්තිමය තත්ත්වයද ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවයද එහි වෘත්තිය ගරුත්වය වැඩි කිරීමද මේ පනත හරහා සිදු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මෙහිදී සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල එක්කර පොදු සමාජ ආරක්ෂණ අරමුදලක් යටතේ ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ හිමිවන අතර කුමන සේවයක නිරතව සිටියද ප්‍රසූත සමයේදී හාම්පුතුන්ට බරක් නොවන සේ විශේෂ ප්‍රසූත දීමනාවක් ගෙවීමටද ගැබිනි මාතාවන්ට කටයුතු කෙරෙනු ඇත.

ඇමැති මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම අනුව පනත කෙටුම්පත් කර ඇති අතර නව රැකීරක්ෂා පනතට අනුව ත්‍රිරෝද රථ රියැදුරන්, පෞද්ගලික බස් රථ රියැදුරු, කොන්දොස්තරවරුන්, ස්වයංරැකියා සිදු කරන වෑද්දුම්කරුවන්, පෙදරේරුවන් ඇතුළු සියලු වෘත්තිකයන්ට සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිවනු ඇත. ඒ අනුව අවිධිමත් වෘත්තීන්හි නිරතවන ශ්‍රමිකයන් පොදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදල එක්ව ගොඩනඟන නව අරමුදලේ සාමාජිකත්වය කරා යොමු කෙරෙන අතර එහිදී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර කිබේ. එම කමිටුව විසින් අදාළ අවිධිමත් වෘත්තිකයන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදය හරහා සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුල එක්ව ගොඩනඟන නව සමාජ ආරක්ෂණ අරමුදලේ සාමාජිකත්වයට ඇතුළත් කර ගැනීම ප්‍රායෝගිකව සිදු කරනා ආකාරය සම්බන්ධ වාර්තාව මේ මස නිමවීමට පෙර ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.

එම වාර්තාව ලැබීමෙන් පසු නව රැකීරක්ෂා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර එය කඩිනමින් සම්මත කර මාස කීපයක් ඇතුළත බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා විසින් දැනටමත් සිදු කරමින් සිටී. නව රැකීරක්ෂා පනත හරහා පෞද්ගලික අංශයේද සියලු ශ්‍රමිකයන්ට වර්තමානයේ හිමි අයිතිවාසිකම්වලට වඩා වැඩි අයිතිවාසිකම් හිමිවන අතර සේවකයන්ගේ වෘත්තීමය තත්ත්වයද ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවයද එහි වෘත්තීය ගරුත්වය වැඩි කිරීමද මේ පනත හරහා සිදු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division