Home » අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ දුම්රිය සේවයක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ දුම්රිය සේවයක්

by Mahesh Lakehouse
April 6, 2024 12:37 am 0 comment

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී කොළඹ සිට ගම්බිම් බලා යන සහ යළි කොළඹට පැමිණෙන ජනතාවට කාර්යක්ෂම සේවයක් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ බස්රථ සහ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අප්‍රේල් 5 වැනිදා ආරම්භ කළ බස් රථ සේවාව 17 වැනිදා දක්වා කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම විශේෂ ගමන් වාර 2,270ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අප්‍රේල් 10,11, 12 තෙදින තුළ කොළඹ මධ්‍යම බස්රථ නැවතුමේ සිට පිටපළාත් සඳහා බස්රථ 1,400ක් ධාවනයට යොදවා ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් අල්විස් සඳහන් කළේය.

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ලබන 10 වැනිදා සිට 15 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා දෛනිකව විශේෂ දුම්රිය ගමන්වාර 10ක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ කොටුව සිට සහ මහනුවර , හැටන්, බදුල්ල, බණ්ඩාරවෙල සහ නානුඔය දක්වාත් මරදාන සිට ගාල්ල, මාතර, බෙලිඅත්ත, දක්වා එම දුම්රිය ධාවනය වන අතර ඊට අමතරව සාමාන්‍ය දුම්රිය ගමන් වාර ද එලෙසම ක්‍රියාත්මක වේ.

සුරේකා නිල්මිණි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division