කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට සහ ආගමික විගාමික පනත යටතේ ගැනෙන වරදවල් කර ඇති බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිබිණ ගමගේ මහතා ඊයේ 5 නියෝග කළේය.
තම සේවා දායකයන් ආගමික විගාමික පනත යටතේ ගැනෙන වරදවල් සිදු කර නැති බවට අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. පොලිසිය අවස්ථා කිහිපයකදී මඟ හරිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන් කළ දිනය වන බදාදා දින අධිකරණයට ඉදිරිපත් නොවී කොල්ලුපිටිය පොලිසිය ට වෙන් කොට තිබූ දිනය වන බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් හිතාමතාම අධිකරණය මඟ හැරීමක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බැවින් ඇප දීමට හැකියාවක් නැතැයි තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
අධිකරණය ඉදිරිපිටදී 04 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ දමිතා සහ සැමියාගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන් දෙදනො 04 වැනිදා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වීමට පැමිණ තිබූ අතර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල කාමරයට නීතිඥවරුන් ගොස් මෝසම ගොනු කිරීමට අවසර ඉල්ලා තිබුණි.
එදින නඩු විභාගයට ගන්නේ කොල්ලුපිටිය පොලිසියට අදාළ නඩු බවත් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දිනයක් නොවන බවත් සලකමින් එම මෝසම් පත්‍රය භාර ගැනීම තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව ඔවුන් අධිකරණයෙන් පිට මාධ්‍යයට අදහස් දක්වමින් සිටියදී කාන්තා පොලිස් නිලධාරින් සිව්දෙනකුගෙන් සමන්විත නිලධාරීන් 20ක පමණ පිරිසක් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබීය.
සුභාෂිණී සේනානායක