බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය සේවය අරඹා වසර සියයක් පිරීම නිමිත්තෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ආරම්භ කළ ‘දුන්හිඳ ඔඩිසි’ නව සංචාරක දුම්රිය ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය 5 වැනිදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කළේය.
1924 අප්‍රේල් 5 වන දින බ්‍රිතාන්‍යයන් බදුල්ල දක්වා දුම්රියක් ධාවනය කර වසර සියයක් පිරීම නිමිත්තෙන් දුන්හිඳ ඔඩිසි දුම්රිය ධාවනය කෙෙරන බවත් මෙම දුම්රිය ඇල්ල ඔඩිසි, සීතාවක ඔඩිසි දුම්රියන් මෙන් සංචාරක ආකර්ෂණය දිනා ගනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.
‘දුන්හිඳ ඔඩිසි’ නව සංචාරක දුම්රිය සෑම අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 6.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන අතර සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනවල පෙරවරුවේ 8ට බදුල්ලෙන් පිටත් වේ.
ටානියා මෝසස් සහ සුභාෂිණි සේනානායක