හෝමාගම, හේවාගම් කෝරලයේ, පිටිපන ශ්‍රී උත්තරාරාම මහාවිහාරයේ විහාරාධීශ්වර, මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ, මල්වතු පාර්ශ්වයේ, බස්නාහිර පළාතේ, කොළඹ මහාදිසාවේ, උපප්‍රධාන අධිකරණ සංඝනායක මාදුළුවාවේ ධම්මිකාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ශ්‍රී උත්තරධම්ම ධර්ම විද්‍යාලය 2015 ක් වූ පෙබරවාරි මස 15 වන දින ආරම්භ කරන ලද අතර ධර්ම විද්‍යාලයීය උප ප්‍රධානාචාර්ය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ නිර්මාතෘ, උත්තරධම්ම මුතුහර ළමා සමාජයේ අනුශාසක, සමනලගම සුගතසාර ස්වාමීන් වහන්සේගේ අදහසක් මත ධර්ම විද්‍යාලයට මාධ්‍ය ඒකකයක් 2020 වර්ෂයේ දී පිහිටුවන ලදි.
දරුවන්ගේ සැඟවුණු දක්ෂතා මතුකර ගැනීමේ අරමුණින් අප්‍රේල් මස 7 වන ඉරු දින ශ්‍රී උත්තරධම්ම ධර්ම විද්‍යාලයීය මාධ්‍ය අංශයේ තවත් එක් පියවරක් ලෙස උත්තරධම්ම මුතුහර නමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුතුහර ළමා සමාජ අංශයේ නිල වශයෙන් ස්ථාපිත කෙරේ.