– මම සාමාන්‍යයෙන් නෙගටිව් දේවල් ඔළුවට දාගන්නේ නැහැ
– තවම මගේ ගමන පටන් ගත්තා විතරයි
ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් කලාවට එක් වූ සුන්දර රංගන ශිල්පිනියක්. ඉතා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගත් වින්ද්‍යා මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියන් අතරේ මුල් ස්ථානවලත් රැඳී සිටි රංගන ශිල්පිනියක්. රසඳුන මේ සොඳුරු කතාබහ වින්ද්‍යා ඒකනායක සමඟින්.
මුලින්ම වින්ද්‍යා ගැන විස්තර කළොත්?
මගේ ගම මහනුවර ගලගෙදර. මට ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි. මම මුලින්ම ඉගෙනුම ලැබුවේ ගලගෙදර ප්‍රාථමික විද්‍යාලයෙන් ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි මම මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ කලා අංශයෙන් හැදෑරුවේ.
කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?
මම එන්නේ දෙරණ අවුරුදු කුමරිය වෙලා. දෙදහස් විසි දෙක වසරේ දෙරණ අවුරුදු කුමරිය වෙනවත් එක්කම තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්නත් අවස්ථාව හම්බ වුණේ.
මුලින්ම කළ නිර්මාණය මොකක් ද
දෙවනි ඉනිම සීසන් 2.
කොහොමද ලැබුණ ප්‍රතිචාර
බොහෝ දෙනා ආදරය කරන ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන චරිතයක් වුණා මම රඟපෑ ලිහිණිගේ චරිතය. ඒක මට ලැබුණු වාසනාවක් කියලා හිතෙනවා.
අමතක නොවන මතකයන් ඇති
එහෙම මතකයන් ගොඩක් තියෙනවා. දෙරණ අවුරුදු කුමරිය වීම සහ දෙවැනි ඉනිමට සම්බන්ධවීමත්, දෙවැනි ඉනිමට සම්බන්ධ වෙලා සුළු කාලයක් ඇතුළත සුමති සම්මාන උෙලළේ ජනප්‍රිය නිළියන් 30දෙනා අතරට එන්න ලැබීමත් අමතක නොවන මතකයන්. ඒ එක්කම මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියන් 10 දෙනා අතරටත් එන්න ලැබුණා.
ජනප්‍රියම නිළියන් අතරට එන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම සතුටුයි මෙච්චර පොඩි කාලයක් ඇතුළත මේ තරම් ජනතා ආදරයක් ලැබෙන එක ගැන. මම තවම මගේ ගමන පටන් ගත්තා විතරයි. මට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ටත් ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා,
පුංචි තිරයෙන් සිනමාවට ඇරයුම් ලැබිලා කියලා ආරංචියක් තියෙනවා නේද?
මේ වෙද්දී ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. ඒ දේවල් ගැන කතා කරමින් යනවා. ආසාවෙන් ඉන්නවා සිනමාවේ ලස්සන නිර්මාණයක් කරන්න.
නිළියක් වෙන්නමද ආස කළේ?
එහෙම අරමුණක් තිබ්බේ නැ. ඒත් කලාවට එන්න මම ලොකු ආසාවකින් හිටපු කෙනෙක්.
රංගනයට ආවේ නැත්නම් කවුරු වෙන්න තිබ්බද?
එහෙම නම් මම ගුරුවරියක්. මම රංගනයට එන්න කලින් ගුරු වෘත්තීය තුළ නියැළුණු කෙනෙක්. එහෙමත් නැත්නම් මම කළේ එයාර් ලයින් පැත්තේ උපාධියක් නිසා ඒ පැත්තෙන් ගුවන් සේවිකාවක් හෝ එයාර් ලයින් සම්බන්ධ ඕනෙම රැකියාවක නිරත වෙන්න තිබ්බා.
කලාවට එද්දි ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ අම්මගේ හීනයක් තමයි මම රංගනයට එන එක. ඒ නිසා ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.
කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නෙ
කටකතා ගොසිප් ගැන නම් මම හිතන්නේ නැහැ. ඒ දේවල් එහෙම්ම ඇතිවෙලා නැතිවෙලා ගිය දෙන්. මොකද එහෙම වුණාම වැඩ කරන්න අමාරුයි. කටකතා එහෙම ඇතිවෙලා නැතිවෙලා ගිය දෙන් මම මගේ ගමන යනවා.
ආදරේ ගැන තියෙන අත්දැකීම් මොනවද?
තවම ආදරවන්තියක් නෙවෙයි. ඒ නිසා ආදරේ ගැන අත්දැකීම් නැහැ.
කොහොම කෙනෙක් ද හොයන්නෙ?
මගේ ගමනට සහයෝගය දෙන මාව තේරුම් ගත්ත ආදරණීය කෙනෙක්ව තමයි මම හොයන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
කලා ක්ෂේත්‍රයේ වැඩවලින් ඉදිරියටම ගිහින් මේ ක්ෂේත්‍රය තුළ හොඳ නිර්මාණ කරන්න තමයි කැමති.
අනුෂා රණසිංහ