– නිවසේදී සහ විෂ්ණු දේවාලයකදී සෙත්කවි ගායනා කිරීමට පෙර කළයුතු වත්පිළිවෙත්
– සෙත්කවි ගායනයෙන් පසු විෂ්ණු සහ කතරගම දෙවිවරුන්ට පින් දෙන්න
උදා වූ නව වසරේ ඔබගේ ලග්නය අනුව පවතින ග්‍රහ අපල දුරුවීමටත් සුව සහනය ලැබීමටත් නොවරදින ප්‍රතිඵල ගෙන එන අති ප්‍රබල සෙත්කවි 02 ක් පහත දැක්වෙි- එම සෙත්කවි 02 ක මෙහි පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඔබටත් යහපත් සුබ ප්‍රතිඵල උදා කරගත හැකිය.
•නිවසේ සෙත්කවි ගායනා කිරීමේදී කළයුතු වත්පිළිවෙත්.
ඔබ ඇතුළු පවුලේ සැම ගව සූකර ඇතුළු සියලු මාංශ කෑමෙන් හා මත්පැන්, දුම් වැටි පානයෙන් මිදී තමන් ඇතුළු පවුලේ සියලූම දෙනා ධාර්මික දිවිපෙවතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස තමන් වෙන් කරගත් වේලාවක් තුළ අප මහා බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් හා ගිලන්පස තබා ගාථා කියා අර්ථවත්ව හැඟීමෙන් යුතුව තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව මේ සමඟ ඇති නව වසර වෙනුවෙන්ම ඉතා නිවැරදිව ගණ පිහිටුවා අති විශේෂ සුබ වේලාවක් තුළ ඉතා නිවැරදිව සියලු පැතුම් ඉටුවීමටත්, සෙනසුරු හා සියලු නව ග්‍රහ අපල දුරුවීමට හා සියලු අංශවලින් මෙම වසර තුළ සැපත, දියුණුව, නිරෝගී බව හා සහනය උදාවන ලෙස රචනාකොට ඇති මෙම සෙත්කවි රත්නය උදා වන්නා වූ 2024 නව වසරට ග්‍රහ අපල දුරු කර ඔබ සැමට හා නිවසට සාමය සතුට නිරෝගී බව හා රැකී රක්ෂා දියුණුව මෙන්ම ජීවිත සිරිසෙත ගෙනෙන අති ප්‍රබල සෙත් කවි රත්නයකි.
උදාවන්නා වූ 2024 නව වසරේ අවුරුදු දා සිට තම නිවසේදී තමන් ඇතුළු තම පවුලේ සැම විසින් උදේ හෝ සවස නිවසේ තෙරුවන් නැමදීමෙන් පසු 6. 00 ත් 8. 24 අතර කාලයේ විෂ්ණු දෙවියන් උදෙසා පහත සඳහන් අති ප්‍රබල සෙත්කවි රත්නයන් 02 දින 07 ක් 07 වරක් බැගින් ගායනා කරීම තුළින් මෙම නව වසරේ ලග්න අනුව තම තමන්ට වන අපල කරදර හා බාධාවලින් නිදහස්ව සුබදායක යහපත් ජීවිතයක් ගත කළ හැකිය. බුද්ධ වන්දනා කරන ස්ථානයට පහළින් තැබූ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේගේ රූපයක් ඉදිරිපිට එළගිතෙල් මිශ්‍ර පහනක් දල්වා හා සුවද ඳුම් සමඟින් නිල් මල් වට්ටියක් පූජා කර මෙම සෙත්කවි රත්නය ගායනා කරන්න.
උදා වන්නා වූ 2024 නව වසරට ග්‍රහ අපල දුරුකර ඔබ සැමට හා නිවසට සාමය සතුට නිරෝගී බව හා රැකී රක්ෂා දියුණුව හා ජීවිත සිරි සෙත ගෙනෙන අති ප්‍රබල සෙත්කවි රත්නය.
1) පතන බුදුබව දරණ
දසබල සසුන සුරකින ලොවට ගුරුවන
වඳින බැතියෙන විෂ්ණු දෙවියනි අසුර
බල බිඳ විකුම පතුරන
ලබන නවසර අපල නැතිකොට
පවුලෙ සැමහට මෙමට පවතින
තිළිණ කළමැන සතුට සහනය
නිදුක සුවසෙත සැපතම සමඟින
2) පබල විකුමැති ලොවට සෙතදෙන පතන
බුදුබව පිනැති බලයෙන
විපුල යහපත දෙවිඳ සිරිපිය
දෙවනු මැන රට දැයට සැමදින
අපල නැතිකොට පවුලෙ සැමහට
මෙමට යහපත සතුටම දෙවමින
සපල කළ මැන ලබන නවසර දිවිමගට යස ඉසුරු සදමින
ආගමික ස්ථානයක් තුළදී (ශ්‍රී විෂ්ණු දේවාලයක්) සිදු කරන ආකාරය
නිවසින් බැහැරව ආගමික ස්ථානයක මෙම සෙත්කවිය ගායනා කිරීමෙීදී පළමුව බුදුරජාණන් වහන්සේට බෝධි පූජාව තැබිය යුතුය. පූජාව තැබීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න. ඉන් අනතුරුව මුල් දිනයේ හා අවසන් දිනයේ වස විස නොයෙදු පිරිසිදු දේශීය පලතුරු වර්ග 07 හා ඖෂධ වර්ග තුනක් සමඟින් කැපූ සුවඳවත් පලතුරුවලින් සමන්විත පූජාවක් විෂ්ණු දෙවියන්ට තබන්න. ඉන් අනතුරුව ඉහත සෙත්කවි 02 ක ගායනා කරන්න.
තමන්ට පහසුවෙන් යාමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරාගෙන (වට නොකරන ලද බෝධියක් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරිසිදු කර මල් ආසන හා අදාළ ස්ථාන ද පිරිසිදු කිරීමෙන් අනතුරුව සුවඳ දූපයක් දල්වා තෙරුවන්ට තම ඉෂ්ට හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පහන් 07 ක් පත්තු කොට නිල්, කහ රතු/ සුදු / මිශ්‍ර මල්, මල් මාලා, නිල් හා රතු කොඩි පුදකර අදාළ ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වූ මෙම සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ හා ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ඇතුළු ශ්‍රී විෂ්ණු දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.
එදිනෙදා තමන් කළ පින්කමක් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.
මා හා අප පවුලේ සියලු දෙනා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්බාරය මාගේ හා මගේ පවුලේ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ලාටත් ශ්‍රී විෂ්ණු, කතරගම ඇතුළු සියලු දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර සෙනසුරු, අඟහරු හා සියලු නව ග්‍රහ අපල හා ඒරාෂ්ඨක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලාපොරොත්තු මෙම වසර පුරාවට ඉෂ්ට කර නිරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල දුරු කර ශක්තිය ලබා දුන් මැනවි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.
මෙම සෙත්කවි 02 ක ඉදිරි කාලයේත් පුර පක්ෂයේ ශනිදා දිනවල ඉහත සඳහන් වේලාවට ගායනා කිරීම සුබදායක වනු ඇත.
එසේම පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත් කතරගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.
ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව.
සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච
සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී
පුඤ්ඤාණිමානි අනුමෝධීය වාසු දේවෝ
පාලේතු මං සතත සහත හිතා වහන්තු.
කතරගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට
පින් අනුමෝදන් කරන ගථාව.
කාචරේ දේව ගොවින්දං
රක්කන්තු ලෝක සාසනං
ඒතෙ දේවානූ භාවේන
කන්ද ස්වාමි නමො වරං.
මෙම ගාථා තෙවරක් කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.
ඔබට සුබ නව වසරක් වේවා !
ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ