Home » නව වසරේ ග්‍රහ අපල දුරු­වන අති ප්‍රබල සෙත්කවි මෙන්න

නව වසරේ ග්‍රහ අපල දුරු­වන අති ප්‍රබල සෙත්කවි මෙන්න

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

– නිව­සේදී සහ විෂ්ණු දේවා­ල­ය­කදී සෙත්කවි ගායනා කිරී­මට පෙර කළ­යුතු වත්පි­ළි­වෙත්
– සෙත්කවි ගාය­න­යෙන් පසු විෂ්ණු සහ කත­ර­ගම දෙවි­ව­රුන්ට පින් දෙන්න

දා වූ නව වසරේ ඔබගේ ලග්නය අනුව පව­තින ග්‍රහ අපල දුරුවීම­ටත් සුව සහ­නය ලැබී­ම­ටත් නොව­ර­දින ප්‍රති­ඵල ගෙන එන අති ප්‍රබල සෙත්කවි 02 ක් පහත දැක්වෙි- එම සෙත්කවි 02 ක මෙහි පහත සඳ­හන් ආකා­ර­යට ගායනා කිරීම තුළින් ඔබ­ටත් යහ­පත් සුබ ප්‍රති­ඵල උදා කර­ගත හැකිය.

•නිවසේ සෙත්කවි ගායනා කිරී­මේදී කළ­යුතු වත්පිළි­වෙත්.

ඔබ ඇතුළු පවුලේ සැම ගව සූකර ඇතුළු සියලු මාංශ කෑමෙන් හා මත්පැන්, දුම් වැටි පාන­යෙන් මිදී තමන් ඇතුළු පවුලේ සිය­ලූම දෙනා ධාර්මික දිවිපෙව­තක් ගත කර­මින් පංච­ශීල ප්‍රති­ප­දාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දින­පතා උදේ හෝ සවස තමන් වෙන් කර­ගත් වේලා­වක් තුළ අප මහා බුදු­ර­ජා­ණන් වහ­න්සේට මල්, පහන්, සුවඳ දුම් හා ගිල­න්පස තබා ගාථා කියා අර්ථ­වත්ව හැඟී­මෙන් යුතුව තෙරු­වන් නම­දින්න. ඉන් අන­තු­රුව මේ සමඟ ඇති නව වසර වෙනු­වෙන්ම ඉතා නිවැ­ර­දිව ගණ පිහි­ටුවා අති විශේෂ සුබ වේලා­වක් තුළ ඉතා නිවැ­ර­දිව සියලු පැතුම් ඉටු­වී­ම­ටත්, සෙන­සුරු හා සියලු නව ග්‍රහ අපල දුරු­වී­මට හා සියලු අංශ­ව­ලින් මෙම වසර තුළ සැපත, දියු­ණුව, නිරෝගී බව හා සහ­නය උදා­වන ලෙස රච­නා­කොට ඇති මෙම සෙත්කවි රත්නය උදා වන්නා වූ 2024 නව වස­රට ග්‍රහ අපල දුරු කර ඔබ සැමට හා නිව­සට සාමය සතුට නිරෝගී බව හා රැකී රක්ෂා දියු­ණුව මෙන්ම ජීවිත සිරි­සෙත ගෙනෙන අති ප්‍රබල සෙත් කවි රත්න­යකි.

උදා­වන්නා වූ 2024 නව වසරේ අවු­රුදු දා සිට තම නිවසේදී තමන් ඇතුළු තම පවුලේ සැම විසින් උදේ හෝ සවස නිවසේ තෙරු­වන් නැම­දී­මෙන් පසු 6. 00 ත් 8. 24 අතර කාලයේ විෂ්ණු දෙවි­යන් උදෙසා පහත සඳ­හන් අති ප්‍රබල සෙත්කවි රත්න­යන් 02 දින 07 ක් 07 වරක් බැගින් ගායනා කරීම තුළින් මෙම නව වසරේ ලග්න අනුව තම තමන්ට වන අපල කර­දර හා බාධා­ව­ලින් නිද­හස්ව සුබ­දා­යක යහ­පත් ජීවි­ත­යක් ගත කළ හැකිය. බුද්ධ වන්දනා කරන ස්ථාන­යට පහ­ළින් තැබූ ශ්‍රී විෂ්ණු දිව්‍ය­රා­ජ­යා­ණන් වහ­න්සේගේ රූප­යක් ඉදි­රි­පිට එළ­ගි­තෙල් මිශ්‍ර පහ­නක් දල්වා හා සුවද ඳුම් සම­ඟින් නිල් මල් වට්ටි­යක් පූජා කර මෙම සෙත්කවි රත්නය ගායනා කරන්න.

උදා වන්නා වූ 2024 නව වස­රට ග්‍රහ අපල දුරු­කර ඔබ සැමට හා නිව­සට සාමය සතුට නිරෝගී බව හා රැකී රක්ෂා දියු­ණුව හා ජීවිත සිරි සෙත ගෙනෙන අති ප්‍රබල සෙත්කවි රත්නය.

1) පතන බුදු­බව දරණ
දස­බල සසුන සුර­කින ලොවට ගුරු­වන
වඳින බැති­යෙන විෂ්ණු දෙවි­යනි අසුර
බල බිඳ විකුම පතු­රන
ලබන නව­සර අපල නැති­කොට
පවුලෙ සැම­හට මෙමට පව­තින
තිළිණ කළ­මැන සතුට සහ­නය
නිදුක සුව­සෙත සැප­තම සම­ඟින

2) පබල විකු­මැති ලොවට සෙත­දෙන පතන
බුදු­බව පිනැති බල­යෙන
විපුල යහ­පත දෙවිඳ සිරි­පිය
දෙවනු මැන රට දැයට සැම­දින
අපල නැති­කොට පවුලෙ සැම­හට
මෙමට යහ­පත සතු­ටම දෙව­මින
සපල කළ ­මැන ලබන නව­සර දිවි­ම­ගට යස ඉසුරු සද­මින

ආග­මික ස්ථාන­යක් තුළදී (ශ්‍රී විෂ්ණු දේවා­ල­යක්) සිදු කරන ආකා­රය

නිව­සින් බැහැරව ආග­මික ස්ථාන­යක මෙම සෙත්ක­විය ගායනා කිරී­මෙීදී පළ­මුව බුදු­ර­ජා­ණන් වහ­න්සේට බෝධි පූජාව තැබිය යුතුය. පූජාව තැබී­මේදී පහත සඳ­හන් කරුණු අනු­ග­ම­නය කරන්න. ඉන් අන­තු­රුව මුල් දිනයේ හා අව­සන් දිනයේ වස විස නොයෙදු පිරි­සිදු දේශීය පල­තුරු වර්ග 07 හා ඖෂධ වර්ග තුනක් සම­ඟින් කැපූ සුව­ඳ­වත් පල­තු­රු­ව­ලින් සම­න්විත පූජ­ාවක් විෂ්ණු දෙවි­යන්ට තබන්න. ඉන් අන­තු­රුව ඉහත සෙත්කවි 02 ක ගායනා කරන්න.

තමන්ට පහ­සු­වෙන් යාමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරාගෙන (වට නොක­රන ලද බෝධි­යක් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරි­සිදු කර මල් ආසන හා අදාළ ස්ථාන ද පිරි­සිදු කිරී­මෙන් අන­තු­රුව සුවඳ දූප­යක් දල්වා තෙරු­වන්ට තම ඉෂ්ට හා ආත්ම පාලක දේව­තා­වුන් ඇතුළු සියලු දෙවි­යන්ට පහන් 07 ක් පත්තු කොට නිල්, කහ රතු/ සුදු / මිශ්‍ර මල්, මල් මාලා, නිල් හා රතු කොඩි පුද­කර අදාළ ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්ව­ලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අන­තු­රුව තමා විසින් මේ කර ගත්තා වූ මෙම සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ට දේව­තා­වුන් වහන්සේ හා ආත්ම පාලක දේව­තා­වුන් වහන්සේ ඇතුළු ශ්‍රී විෂ්ණු දෙවි­ය­න්ටත් පහත සඳ­හන් ආකා­ර­යට අනු­මෝ­දන් කරන්න.

එදි­නෙදා තමන් කළ පින්ක­මක් මතක් කර පහත සඳ­හන් පාඨය කියා අදාළ දෙවි දේව­තා­වුන් වහ­න්සේ­ලාට පින් අනු­මෝ­දන් කරන්න.

මා හා අප පවුලේ සියලු දෙනා විසින් කර­ගත්තා වූ මෙම සිය­ලුම කුසල සම්බා­රය මාගේ හා මගේ පවුලේ අප සියලු දෙනා­ගේම ඉෂ්ට දේව­තා­වුන් වහ­න්සේ­ලා­ටත් ආත්ම පාලක දේව­තා­වුන් වහන්සේ ලාටත් ශ්‍රී විෂ්ණු, කත­ර­ගම ඇතුළු සියලු දෙවි­ය­න්ටත් අත්වේවා. ඒ ආනු­භා­ව­යෙන් ඔබ වහ­න්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා. තුන්තරා බෝධි­ය­කින් උතුම් වූ බෝධි­යක් ලැබේවා. ඒ ආනි­ශං­ස­යෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකු­සල කර්ම අහෝසි කර්ම බවට පත්කර සෙන­සුරු, අඟ­හරු හා සියලු නව ග්‍රහ අපල හා ඒරා­ෂ්ඨක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලා­පො­රොත්තු මෙම වසර පුරා­වට ඉෂ්ට කර නිරෝගී බව දියු­ණුව හා සහ­නය මෙන්ම අපල දුරු ­කර ශක්තිය ලබා දුන් මැනවි යනු­වෙන් සත්‍ය ක්‍රියා කරන්න.
මෙම සෙත්කවි 02 ක ඉදිරි කාල­යේත් පුර පක්ෂයේ ශනිදා දින­වල ඉහත සඳ­හන් වේලා­වට ගායනා කිරීම සුබ­දා­යක වනු ඇත.
එසේම පහත සඳ­හන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍ය­රා­ජ­යා­ණන් වහ­න්සේ­ටත් කත­ර­ගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝ­ත්ත­ම­යන් වහ­න්සේ­ටත් පින් අනු­මෝ­දන් කරන්න.

ශ්‍රී විෂ්ණු දිව්‍ය­රා­ජ­යා­ණන් වහ­න්සේට පින් දෙන ගාථාව.
සම්බුද්ධ ශාස­න­වරං යති­පුංග වංච
සම්පා­ල­නාය පටි­ලද්ධ වරෝ යසස්සී
පුඤ්ඤා­ණි­මානි අනු­මෝ­ධීය වාසු දේවෝ
පාලේතු මං සතත සහත හිතා වහන්තු.

කත­ර­ගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝ­ත්ත­ම­යන් වහ­න්සේට
පින් අනු­මෝ­දන් කරන ගථාව.
කාචරේ දේව ගොවින්දං
රක්කන්තු ලෝක සාසනං
ඒතෙ දේවානූ භාවේන
කන්ද ස්වාමි නමො වරං.
මෙම ගාථා තෙව­රක් කියා කත­ර­ගම දෙවි­ය­න්ටත් විෂ්ණු දෙවි­ය­න්ටත් පිං අනු­මෝ­දන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙ­වින්ම සම­නය වනු ඇත.

ඔබට සුබ නව වස­රක් වේවා !

ජ්‍යොති­ෂ­වේදී, වාස්තු විද්‍යා උප­දේ­ශක බණ්ඩා­ර­ගම, සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division