ජනතාවට සහනයක් වීම පිණිස බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම අගය කරන නමුත් වර්තමානයේ ආණ්ඩුව භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත්තේ ළඟ එන ඡන්දය නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.
‘‘ලංකාවේ සෑම දිස්ත්රික්කයකින්ම මාලිමාව වටා ජනතාව එකතු වෙමින් ඉන්නවා. මේ විදිහට ජනතාව අප වටා එකතු වෙන්න, එකතු වෙන්න ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන සහන ප්රමාණය වැඩි වෙනවා.
හොරකම, වංචාව, නාස්තිය හා අල්ලස එක්ක තමයි ඔවුන් මේ ප්රමාණය අඩු කර තිබෙන්නේ. කෝප් කමිටුවෙනුත් මේ විදියට භාණ්ඩවල මිල අසාධාරණ ලෙස වැඩි කරපු විදිය හෙළිදරව් වුණා. මෙවැනි වංචා, දුෂණ, අල්ලස් හොරකම, නාස්තිය, දූෂණය නතර කරන පාලනයක් පිහිටුවා ගත්තොත් මීටත් වැඩිය බඩු මිල අඩු කර ගන්න පුළුවන්.
මේකෙන් පෙන්නේ මීට කලින් බඩු මිල වැඩි කරල තියෙන්නේ වැඩි කරන්න ඕන නිසා නෙමෙයි. මේ වගේ අසාධාරණ හේතු නිසා බව. ඒක මේ බඩු මිල අඩු කරන විදියෙන්ම ජනතාවට අවබෝධ වෙනවා.‘
රසික කොටුදුරගේ