Home » බඩු මිල අඩු කරන්නේ ඡන්දය නිසා

බඩු මිල අඩු කරන්නේ ඡන්දය නිසා

ජාජබ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ජනතාවට සහනයක් වීම පිණිස බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම අගය කරන නමුත් වර්තමානයේ ආණ්ඩුව භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත්තේ ළඟ එන ඡන්දය නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

‘‘ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම මාලිමාව වටා ජනතාව එකතු වෙමින් ඉන්නවා. මේ විදිහට ජනතාව අප වටා එකතු වෙන්න, එකතු වෙන්න ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන සහන ප්‍රමාණය වැඩි වෙනවා.

හොරකම, වංචාව, නාස්තිය හා අල්ලස එක්ක තමයි ඔවුන් මේ ප්‍රමාණය අඩු කර තිබෙන්නේ. කෝප් කමිටුවෙනුත් මේ විදියට භාණ්ඩවල මිල අසාධාරණ ලෙස වැඩි කරපු විදිය හෙළිදරව් වුණා. මෙවැනි වංචා, දුෂණ, අල්ලස් හොරකම, නාස්තිය, දූෂණය නතර කරන පාලනයක් පිහිටුවා ගත්තොත් මීටත් වැඩිය බඩු මිල අඩු කර ගන්න පුළුවන්.

මේකෙන් පෙන්නේ මීට කලින් බඩු මිල වැඩි කරල තියෙන්නේ වැඩි කරන්න ඕන නිසා නෙමෙයි. මේ වගේ අසාධාරණ හේතු නිසා බව. ඒක මේ බඩු මිල අඩු කරන විදියෙන්ම ජනතාවට අවබෝධ වෙනවා.‘

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division