අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සඳුදා පූර්වභාග 10.17 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්වභාග 6.52 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.
සැ.යු. ඉහත නැකත් වේලාවන් දැනට සම්මත ඔරලෝසු වේලාවෙන් සකස්කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකිය.