ඇන්සල් ලංකා සමාගම 2009 වසරේදී පළමු දර කැබලි භාවිත කරන තාප උත්පාදක යන්ත්‍රය ඉදි කර, එමඟින් දැවි තෙල් පරිභෝජනය දිනකට ලීටර් 23,000කින් සහ වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 11,000කින් අඩු කරන ලදි.
මෙලෙස පොසිල ඉන්ධන ආශ්‍රිතව සිදුවන විමෝචනය වසරකට ටොන් 39,000ක් වැනි ඉතා විශාල අගයකින් අඩු කිරීමට ඇන්සල් ලංකා සමාගමට හැකි වී ඇත. දර කැබලි භාවිතය වැඩි වීමත් සමග UNDP අරමුදල් ව්‍යාපෘතියක් වන තිරසර දර කැබලි නිෂ්පාදනය තහවුරු කරන SLS 1551:2016 සහතිකය ලබා ගනිමින් එහි පාර්ශ්වකරුවන් වීමටද ඇන්සල් ලංකා සමාගමට හැකි විය.
ඔවුන්ගේ තිරසර ගමන් මඟේ සන්ධිස්ථාන හඳුනා ගැනීමත් කැබලි දර සැපයුම්කරුවන් 11 දෙනකු ඇගයීමත් පසුගිය දා සිදු වූ අතර, ස්වාභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ මෙරට නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ, ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.