පාතාල ක්‍රියා සහ අපරාධ ක්ෂණිකව මර්දනය කරන ‘පොලිස් ආරක්ෂක ඇස’ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලැබූ නිලධාරීන් සහිත විශේෂ යතුරුපැදි කණ්ඩායම් මේ සඳහා යොදා ගැනෙන අතර ‘ට්‍රේල්‘ වර්ගයේ යතුරු පැදි 100 ක් ‘ආරක්ෂක ඇස‘ කණ්ඩායම්වලට ලබා දී තිබේ.
පාතාල කල්ලි අපරාධ සිදු කරන අවස්ථාවලදීම ඔවුන් පසු පස හඹාගොස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරක්ෂක ඇස පොලිස් කණ්ඩායම්වල කාර්යය වන අතර පොලිස් විශේෂකාර්ය බළකා යතුරුපැදි ප්‍රහාරක කණ්ඩායම් සමඟ ඒකාබද්ධව පාතාල ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශවල ආරක්ෂක ඇස කණ්ඩායම් සේවයේ යෙදවීමට කටයුතු යොදා ඇත.
දීපාල් සමරසේකර