Home » Abans – AC ඇකඩමිය මොරටු විශ්වවිද්‍යාලය සමඟ එක්වේ

Abans – AC ඇකඩමිය මොරටු විශ්වවිද්‍යාලය සමඟ එක්වේ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

LG Abans වායු සමීකරණ ඇකඩමිය, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ ආයතනය (ITUM) සමඟ එක්ව පසු ගිය මාර්තු මස 27 වන දින විවෘත විය. පාසැල් හැරගිය සහ කාර්මික තාක්‍ෂණ ශිල්පීන්ට මෙන්ම මහා පරිමාණ ආයතනවල නඩත්තු සේවා කාර්මණ්ඩල සඳහා වායු සමීකරණ ආශ්‍රිත කෙටි කාලීන සහ උසස් පාඨමාලා මෙහි ක්‍රියාත්මක ය.

මෙම ව්‍යාපෘතිය සඳහා සිදු කර ඇති ආයෝජනය මිලියන 12 ඉක්මවයි. දකුණු ආසියානු රටවල් තුළ ස්ථාපිතව ඇති එකම LG වායු සමීකරණ ඇකඩමිය මෙයයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය S.M.S නානායක්කාර මහතා සහභාගී වූ අතර විශේෂ ආරාධිතයින් වශයෙන් ITUM අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) S.K තිරුනාවුකරසු (RSP, VSV, USP), LG Electronics අලෙවි අධ්‍යක්‍ෂ Keith Chung, LG Electronics හි වායු සමීකරණ අධ්‍යක්‍ෂ Justin Junhyuk, Abans සමූහ අධ්‍යක්‍ෂිකා ආචාර්ය Saroshi Dubash ඇතුළු පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division