පාසල් අවට මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත කලාපයක් බවට පත් කිරීම සඳහා “පවුර සංසඳය” කමිටු 5022ක් දිවයින පුරා පිහිටුවා ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ පළමු අදියර ලෙස නියමු ව්‍යාපෘති වැඩසටහනක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණු අවස්ථාව. ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, අපරාධ දිසාව හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක්ද කොළඹ ආනන්ද, නාලන්දා, රාජකීය, සහිරා හා අශෝක යන විද්‍යාලවල විදුහල්පතිවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ලංකා බැංකු තිහගොඩ ශාඛාව විවෘත කෙරේ
816
previous post