877
වාහන හඳුනාගැනීමේ අංක තහඩුවල සඳහන් පළාත හැඟවෙන ඉංග්‍රීසි අකුරු ද්විත්වය (WP/ NP ආදී) ඉවත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහට උපදෙස් දී ඇත.
පළාත් අතර සිදුවන වාහන විකිණීම්වලදී නව අයිතිකරුවන්ට පළාත සඳහන් අංක තහඩුව වෙනස් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීම සඳහා අමතර මුදලක්, කාලයක් වැය කිරීමට සිදුවීමෙන් ඇතිවන අපහසුතාව වළක්වාලීමේ අරමුණින් ඇමැතිවරයා මෙම පියවර ගෙන ඇත.
සුරේකා නිල්මිණි