1.7K
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුෙව් නියෝජ්‍ය අමාත්‍ය සන් හේයෑන් මහත්මිය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. එහිදී ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්දැකීම් සහිත දැනුමැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස තමා දැන සිටියද හාස්‍ය රසයෙන් පිරුණු කතා කීමටත් හැකියාවක් තිබෙන බව දැන ගත්තේ එදින බවයි .