Home » ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කලාපීය උප සභාපති ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කලාපීය උප සභාපති ජනපති හමුවෙයි

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ලෝක බැංකුව යටතේ ඇති ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදා (03) මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජනාධිපතිවරයා විසින් කෙටි කාලයක් තුළ ගොඩගත් ආකාරය විශ්මයජනක බවත් ඒ සම්බන්ධයෙන් ස්තුතිය පුද කරන බවත් මේ හමුවේදී උප සභාපතිවරයා සඳහන් කළේය. ලෝක බැංකුව කෘෂි නවීකරණය, කාලගුණ විපර්යාසය වැනි කරුණු සම්බන්ධයෙන් රජය සමඟ මෙන්ම මෙරට පෞද්ගලික අංශය සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් බව ඔහු තව දුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division