ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත.
‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම බැංකු 28 ලැයිස්තුවේ 2024 සංස්කරණයට ඇතුළුව මෙම සම්මානය දිනා ගැනීමෙන් කොමර්ෂල් බැංකුව; ඔස්ට්‍රේලියාවේ CBA බැංකුව, චීනයේ චයිනා කන්ස්ට්‍රක්ෂන් බැංකුව, හොංකොං හි HSBC බැංකුව, නවසීලන්තයේ ANZ බැංකුව, සිංගප්පූරුවේ UOB බැංකුව, දකුණු කොරියාවේ Hana බැංකුව, ජපානයේ MUFG බැංකුව සහ ඉන්දියාවේ State Bank of India වැනි ප්‍රකට බැංකු අතර සිටී.
මේ පිළිබඳ, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග පැවසුවේ, පසුගිය මූල්‍ය වර්ෂයේදී බැංකුව කාර්ය සාධනයේ සංධිස්ථාන කිහිපයක් අත්කරගත් අතර තිරසරභාවය, ඩිජිටල්කරණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා නව මාවත් නිර්මාණය කර ගත් බවයි.