Home » කොමර්ෂල් බැංකුවට යළි ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය

කොමර්ෂල් බැංකුවට යළි ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත.

‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම බැංකු 28 ලැයිස්තුවේ 2024 සංස්කරණයට ඇතුළුව මෙම සම්මානය දිනා ගැනීමෙන් කොමර්ෂල් බැංකුව; ඔස්ට්‍රේලියාවේ CBA බැංකුව, චීනයේ චයිනා කන්ස්ට්‍රක්ෂන් බැංකුව, හොංකොං හි HSBC බැංකුව, නවසීලන්තයේ ANZ බැංකුව, සිංගප්පූරුවේ UOB බැංකුව, දකුණු කොරියාවේ Hana බැංකුව, ජපානයේ MUFG බැංකුව සහ ඉන්දියාවේ State Bank of India වැනි ප්‍රකට බැංකු අතර සිටී.

මේ පිළිබඳ, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග පැවසුවේ, පසුගිය මූල්‍ය වර්ෂයේදී බැංකුව කාර්ය සාධනයේ සංධිස්ථාන කිහිපයක් අත්කරගත් අතර තිරසරභාවය, ඩිජිටල්කරණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා නව මාවත් නිර්මාණය කර ගත් බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division