ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟ ඇති බැංකු රක්ෂණ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් බැංකු රක්ෂණ මෙහෙයුම් සඳහා වෙන් වූ කවුළුවක් පසුගියදා කැලණිය ප්‍රාදේශීය සංවර්ධන බැංකු ප්‍රධාන කාර්යාලයේදී විවෘතය. RDB සමඟ බාධාවකින් තොරව පාරිභෝගිකයාට රක්ෂණ විසඳුම් ලබාදීමට මේ හරහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙත හැකියාව ලැබෙනු ඇත.
SLICLL සමූහ ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල් අලුත්ගම, ප්‍රධාන නිලධාරි දයාරත්න පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරී චමින්ද ආතාවුද, සහකාර සාමාන්‍යාධිකාරී- අලෙවි සහ ආයතනික ව්‍යාපාර කසුන් සමීර, ජ්‍යෙෂ්ඨ කළමනාකරු – බැංකු රක්ෂණ දිනූෂ ලියන පතිරණගේ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ, එහි ප්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී පී.එස් එදිරිසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ණය – විශේෂ ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති සම්පාදනය බී. ජි. ඩබ්ලිව් අතුල කුමාර, සහකාර සාමාන්‍යාධිකාරී- ණය පී.එස්.ටී. රණතුංග, ප්‍රධාන කළමනාකාරිනී- කල්බදු සහ පුද්ගල ණය අනෝජි සිරිසූරිය, බැංකු රක්ෂණ ඒකකයේ කළමනාකාර ලලිත් ලියනගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් විය.