Home » සිතුම් පැතුම් ඉටුවන කඩවර දේව පොල් ජීවම් මන්ත්‍රය

සිතුම් පැතුම් ඉටුවන කඩවර දේව පොල් ජීවම් මන්ත්‍රය

නිසි පරිදි වතාවත් සිදු කර දින 7 - 21 දක්වා සජ්ඣා­යනා කිරීමෙන් උපරිම ප්‍රතිඵල

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ඩවර දේව රාජෝත්තමයාණන් වහන්සේ කලාවැව කතරගම රන් තොරණේ වැඩ වාසය කරන අති තේජෝබල බල පරාක්‍රමයෙන් යුත් දෙවියෙකි. ගැතියන්ට නිරතුරු පිහිට ලබාදෙන උන්වහන්සේගේ පිහිට ආධාරය ලබන අති ප්‍රබල රහස් ක්‍රම උපාය මාර්ගයක් සිළුමිණ ඉසිවර පාඨක ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

තේජෝබල උන්වහන්සේ පිළිබඳව ලියවෙන සත්වන ලිපියයි මේ. මෙම ක්‍රමවේද සාමාන්‍යයෙන් බොහෝමයක් සමාජගත වී ඇත. සෑම දෙවි කෙනෙකුටම බහුල වශයෙන් මන්ත්‍ර සහ යන්ත්‍ර තිබුණද පොලෝවාසී උන්වහන්සේට එසේ නොවේ. බොහෝ අය හුරුව ඇත්තේ උන්වහන්සේ වෙනුවෙන් කන්නලව් කිරීමයි. නමුත් මෙහි සඳහන් මෙම සරල ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඔබ නොසිතූ සිතු පැතු සියල්ල සිතු අයුරින්ද පැතු අයුරින්ද ඉටුවන බව දීර්ඝ කාලීන අත්දැකීම් මත විශ්වාසයෙන් යුතුවම මට ප්‍රකාශ කළ හැකිය. උන්වහන්සේට පුද සත්කාර කිරීමේදී නිතර කඩවර ගොටු නොදිය යුතුය. උන්වහන්සේ ප්‍රකටව ඇත්තේ ‘කඩවර ගොටුව’ සම්බන්ධයෙනි. නමුත් එම ක්‍රමවේදය පිළිබඳව සමාජයේ හෝ දේව වතාවන් පවත්වන කපු මහතුන් කීයෙන් කී දෙනාද නිවැරදි භාවය පිළිබඳ දැනුම ඇත්තේද යන්න ප්‍රශ්නයකි. ඒ නිසාම මෙම දේව ඇදහිලි එසේ නැතිනම් දෙවියන්ගේ පිහිට ආධාරය ලබන නිවැරදි ආකාරය පිළිබඳව දැනුම ඔබට ලබාදීම මෙම ලිපි මාලාවේ මූලික අරමුණ වන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. අති තේජෝබල කතරගම ස්කන්ධ කුමාර මහා දේව රාජෝත්තමයාණන් වහන්සේගේ පරිවාර ප්‍රධානම සහයකයා වන කඩවර දෙවියන්ගේ පිහිට ආධාරය ප්‍රාර්ථනා කිරීමේදී කතරගම දෙවි හාමුදුරුවන් මුල්කොට සියල්ල සිදුකර යුතුමය. ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේගේ ඇති තේජස් සහ බලවත් බව බලය අවසරය කඩවර දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ සිහිතබා ගත යුතු ප්‍රධානම කරුණකි. කඩවර දෙවියන්ගේ පිහිට ආධාරය පැතීමට ගෞරව පූර්වකව කතරගම දෙවි හාමුදුරුවන්ට වන්දනා මාන කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

කඩවර දෙවියන් හොඳට නරකට දෙකට එක සමානව පිහිට වෙයි. පුර පක්ෂයේදී අයහපත් කාරණා සඳහා යොදාගත යුතුය. හොඳට නරකට දෙකටම එක හා සමාන බල පවතින පහත සඳහන් මන්ත්‍ර කාණ්ඩය උපයෝගි කරගත හැකිය. එහි බලය මෙතකැයි කියා නිම කළ නොහැකිය. අති විශාල ප්‍රබල අත්දැකීම් සමුදායක් ලබාගන්නට මට හැකි වුයේ හොරොවිපතාන ගණ දෙවි දේවාල පරිශ්‍රයේ කඩවර දෙවියන් පිළිබඳව දීර්ඝ කාලීනව කරණ ලද ආවතේව කටයුතු කටයුතු මුල් කරගෙනය. ඔබටත් කඩවර දෙවි හාමුදුරුවන් වහන්සේට ගැතිව පුද පූජා පැවැත්වීමෙන් එම අත්දැකීම් සමූහය භුක්ති විදින්නට හැකි බව මාගේ විශ්වාසයයි.

අති ප්‍රබල කඩවර පොල් ජීවම් කිරීමේ රහස් මන්ත්‍රය

ඕං නමෝ අෂ්ට බන්ධ – අෂ්ට කඩවර බන්ධ
ඊශ්වර බන්ධ – ඊශ්වර කඩවර බන්ධ විෂ්ණු බන්ධ
විෂ්ණු කඩවර බන්ධ – කන්ධ කුමාර බන්ධ
කන්ධ කුමාර කඩවර බන්ධ – නාග බන්ධ නාග
කඩවර බන්ධ කඩවර දේවතාව කඩවර
පසාවෙන් බන්ධ බන්ධ ඒස්වාහඃ

මෙම අති ප්‍රබල පොල් ජීවම් කිරීමේ රහස් මන්ත්‍රය නිසි පරිදි වතාවන් ඉටුකොට දින 7 සිට 21 දක්වා ජප කිරීමෙන් ඔබේ සිතුම් පැතුම් අනිවාර්යයෙන් ඉටුකර ගැනිමට හැකිය.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division