Home » නිපුණතා අංක 7 හිමි අයට හොඳින්ම ගැළපෙන්නේ අංක 7 හිමි අයමයි

නිපුණතා අංක 7 හිමි අයට හොඳින්ම ගැළපෙන්නේ අංක 7 හිමි අයමයි

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

මෙවැනි දෙදෙනෙකු අතර ගොඩනැ‌ෙඟන සබඳතාවය සාමාන්‍ය සම්බන්ධතාවයක් විදියට සැලකිය හැකිය. මේ අය අතර සබඳතා ගොඩනැඟුණත් එය එතරම් ශක්තිමත් සබඳතාවයක් විදියට දැක්විය නොහැකි වෙයි. නමුත් මෙහිදී පිරිමියා අංක හත වී ස්ත්‍රිය අංක හය වී යෙදුනහොත් සාර්ථකත්වයක් දැකිය හැකිය.

අංක හත පිරිමියාගේ බුද්ධිමත් දාර්ශනික ගති ස්වභාවයන් සහ ඉවසීම සමස්තය පිළිබඳ සිතා තීරණ ගැනීම ආදිය සහ අංක 6 ස්ත්‍රියගේ නිහඬ ආදරණීය ගති සභාවයන් එකිනෙකට ගැළපීම නිසා එම සාර්ථකත්වය ඇතිකරයි. නමුත් පිරිමියා අංක 6 වී ස්ත්‍රී අංක 7 වීම තුළ ස්ත්‍රිය තරමක් ආත්මාර්ථකාමී ගති ඇති කරන අතර තම මතයට අනුව ක්‍රියා කරන ස්වභාවයක් ඇතිකරයි.

එය අංක හයෙන් උපන් පිරිමියා තුළ ඇති ළඟින් සමීපව ඇසුරු කිරීමට ඇති කැමැත්තත් ආදරණීය බවත් සමග නොගැළපෙයි. මේ නිසා සබඳතාවය ශක්තිමත්ව දීර්ඝලෙස පවත්වාගෙන යාමේදී ගැටලු ඇති විය හැකිය. මෙවැනි තත්ත්වයන් හොඳින් තේරුම් ගැනීම තුළ සාර්ථකව ඉදිරියට යෑමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 7ට නිපුණතාංක 7 අයගේ ගැළපීම

මෙවැනි දෙදෙනකුගේ එකතු වීම ඉතාමත් යහපත් සාර්ථක ජීවිතයක් ගෙන යාමට හැකියාව ඇතිකරයි. අංක හත හිමියන් තුළ පවතින යහපත් සාමකාමී ස්ථීරසාර ස්වභාවයත් අන් මත ඉවසීමේ ගුණයත් එමෙන්ම සාම්ප්‍රදායිකත්වයට වඩා ප්‍රායෝගිකත්වයට මුල් තැන දී බුද්ධිමත්ව දුරදිග බලා ක්‍රියා කිරීමේ ගුණයත් ආදී ලක්ෂණයන් දෙදෙනා තුළින්ම මනාකොට දැකිය හැකි අතර එවැනි අදහස්වල ගැළපීම් හේතු කොටගෙන මෙවැනි දෙදෙනෙකුගේ එකතුවීම යහපත් හොඳ සබඳතාවයක් ලෙස සඳහන් කළ හැකිය.

ජන්ම අංක නාම අංක පෞරුෂ අංක ආදි වෙනත් අංකයන්ගේ නොගැළපීම් ඇතිවුවහොත් යම් ආකාරයක ගැටලු ඇති වීමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 7ට නිපුණතා අංක 8 අයගේ ගැළපීම

මෙවැනි සබඳතාවයක් සාමාන්‍ය මධ්‍යස්ථ මට්ටමේ ගැළපීමක් සහිත සබඳතාවයක් ලෙස සඳහන් කළ හැකිය. මෙවැනි දෙදෙනෙකුට එකට ජීවත්වීමට හැකියාව ලැබුණද යම් යම් නොගැළපීම් ජීවිත පුරාම සමහරවිට දැකිය හැකි වෙයි.

එක් අයෙක් සෑහීමට පත්වන විට අනිත් කෙනා පීඩාවට පත් වීමක් සිදුවිය හැකිය. දෙදෙනාගෙන් එක් අයකුට සෑම විටම යම් කැපකිරීමක් කිරීමට සිදුවෙයි. අංක අට හිමියන් තරමක් කෝපාකාරී සහ ආවේගශීලී ස්වභාවයෙන් යුක්ත අතර අංක හත හිමියන් සාමකාමී ස්වභාවයෙන් යුක්ත වෙයි. අංක අට හිමියන් තම අරමුණට කෙසේ හෝ ළඟාවීමට උත්සාහ දරන අතර අංක හත හිමියන් නිදහසේ තම අරමුණු කරා ළඟා වීමට අපේක්ෂා කරයි.

අංක අට හිමියා තරමක් ඉක්මන් කලබලකාරී ස්වභාවයක් දරන අතර අංක හත හිමියා සාමකාමී නිස්කලංක භාවයෙන් කටයුතු කරයි.

අංක හත හිමියන් බුද්ධිමත්ව කල්පනා කර බලා තීරණ ගන්නා අතර අංක අට හිමියන් ඉක්මන් ආක්‍රමණශීලී ගති ඇති කරයි.

මෙවැනි ගති ස්වභාවයන් පිළිබඳව හොඳින් සිතා බලන විට මොවුන්ගේ මේ තත්ත්වයන් දෙදෙනාම හොඳින් තේරුම් ගැනීම තුළ සබඳතාවය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 7ට නිපුණතා අංක 9 අයගේ ගැළපීම

මෙවැනි අංක දෙකක් සහිත දෙදෙනකුගේ එකතුවීම ඉතා යහපත් සාමකාමී සාර්ථක සබඳතාවයක් ලෙස සඳහන් කළ හැකිය.

අංක නවය හිමියන් අධ්‍යාත්මික, එසේම මානව හිතවාදී ගති ලක්ෂණවලින් යුක්ත වන අතර අංක හත හිමියන් සාමකාමී කාල්පනික ගති ලක්ෂණවලින් යුක්ත වෙයි.

මේ නිසා දෙදෙනාටම ඉතා සතුටින් සහයෝගයෙන් යුතුව එකිනෙකාට උදව් කර ගනිමින් දෙදෙනාගේ යුතු අයුතුකම් හොඳින් තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

දෙදෙනා තුළම ඉවසීමේ ගුණයත් සාමකාමී බවේ ලක්ෂණයත් හොඳින් ඇත.

මේ නිසා කුමන ප්‍රශ්න ගැටළු ඇති වුවද ඒවා ඉවසීමෙන් යුතුව විසඳාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

අංක නවය පුද්ගලයා තුළ යම් අඩුපාඩු ඇති කළත් ඒවා අංක හත හිමියාට පාලනය කිරීමේ හැකියාව ඇතිකරයි. කෙසේ වෙතත් මොවුන්ගේ එකතුවීම සාමකාමී සතුටුදායක එකක් ලෙස සඳහන් කළ හැකිය.

නිපුණතා අංක අට අයගේ ගැළපීම් ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division