සංචාරක කලාප 38ක් අලුතින් ස්ථාපිත කර ඒ හරහා ඍජු හා වක්‍ර රැකියා 50,000ක් උත්පාදනයට පියවර ගෙන තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පින්නවල හා කිතුල්ගල කලාපය ඇතුළත්ව මේ සංචාරක කලාප 38 අලුතින් ස්ථාපිත කෙරේ.
ඒ හරහා ගලිගමුව නව නගරයක් ලෙස වැඩි දියුණු කිරීමත් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුමේ සිට සංවර්ධන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂිතය.
සංචාරක කොරිඩෝව සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, අදාළ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර විශේෂිත සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමකදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසා සිටියේ දිය ඇලි බහුතරයක් ඇති සබරගමුව ප්‍රදේශය හරහා මේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි බවත් ඒ වෙනුවෙන් කළ යුතු ප්‍රධාන කාර්යය වන්නේ මේ සම්බන්ධව ප්‍රවර්ධන කටයුතු විධිමත්ව සිදු කිරීම බවයි. සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කර ඇති බවත් මේ වන විටත් ප්‍රාදේශීය සභා ඇතුළු ආයතන සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ හරහා විදේශීය සංචාරකයන් පමණක් නොව දේශීය සංචාරකයන්ටද අවස්ථාව උදා කිරීම තුළින් සමස්ත කලාපයම සංචාරක පුරවරයක් බවට පත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.