1.5K
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් 10,000 කගේ පමණ ප්‍රවේශ පත්‍රවල සිදුව ඇති දෝෂය නිසා කිසිදු අපේක්ෂකයෙකුට ඉල්ලූ විෂය අහිමි වීමක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. මේ වන විට දෝෂ නිවැරදි කිරීම් සිදු කර ඇති බවත් මෙම අතපසුවීම නිසා කිසිදු අපේක්ෂකයකුට තමා ඉල්ලූ විෂය අහිමි වීමක් සිදුව නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.
එසේම ප්‍රවේශ පත්‍රයේ ගැටලුවක් තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට සියලු අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබූ බවත් එය භාවිතා කර අපේක්ෂකයන් නිවැරදි කරගෙන තිබෙන බවත් හෙතෙම කීය.
සන්ධ්‍යා කරුණාරත්න