Home » හාම්පුතුන් උසාවි ගියොත් කම්කරුවන්ට සහාය දෙන්න ජනපතිගෙන් උපදෙස්
වතු කම්කරු වැටුප් වැඩි කිරීම

හාම්පුතුන් උසාවි ගියොත් කම්කරුවන්ට සහාය දෙන්න ජනපතිගෙන් උපදෙස්

by Mahesh Lakehouse
May 4, 2024 12:37 am 0 comment
එල්. පී සුරංග

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපතිවරයා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාළ වැටුප් වැඩිවෙන ආකාරය ගැන ඇමැති මනූෂ නානායක්කාර මහතා පැහැදිලි කළේය. එදිනම කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඊට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමඟ කිසිදු සාකච්ඡාවක් නොකර අදාළ වැටුප් වැඩි වීම සිදුකර ඇති හෙයින් තමා අධිකරණය හමුවට යන බවයි. එහෙත් වතු හාම්පුතුන් එය ගෙවීමට වන එකඟතාවය මඟ හරිමින් සිටි බව රජය ප්‍රකාශ කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division