Home » ආර්ථිකය ගොඩ ගන්න ආණ්ඩුවට හැකි වී නෑ

ආර්ථිකය ගොඩ ගන්න ආණ්ඩුවට හැකි වී නෑ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන

by Mahesh Lakehouse
May 4, 2024 12:32 am 0 comment

මැයි දිනය සැමරීමේ අවස්ථාව ජනතාවට හිමි වුවත් වැඩ කරන ජනතාවට සහනයක් ලැබෙන ආකාරයට රටේ ආර්ථිකය තවම යථා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසයි.

කොවිඩ් වසංගතය සහ රටේ පැවති දේශපාලන සහ ආර්ථික අර්බුදය මේ වන විට යම් තරමකට සමනය වුවත් අධික උද්ධමනය සහ බදු බර නිසා වැඩකරන ජනතාව ජීවත් වන්නේ අසීරුතා රැසක් මැද බවත් සියලු ජනතාවට යහපත් ආර්ථික පසුබිමක් නිර්මාණය කළ යුතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

” මැයි දිනය පැවැත්වීමට පහසුකම් සැලසූ පමණින් ආණ්ඩුවේ වගකීම අවසන් වන්නේ නැහැ. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන, ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා පහසුකම් ලබාදීමත් ආණ්ඩුවේ වගකීමක්. පැවති තත්ත්වයට වඩා යම් පහසුකම් ප්‍රමාණයක් ලැබී තිබුණත් පහසුකම් ලබාදී තිබෙන්නේ ජනතාව මත බරක් පටවලයි.‘

සුරේකා ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division