ආණ්ඩුව මැතිවරණ ඉලක්ක කරගනිමින් සහන ලබාදීම ජනතාව රැවටීමක් සහ මුළා කිරීමක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසයි.
ජනතාවට ලබා දෙන මෙවන් සහන නිසා මැතිවරණ අවසන් වූ පසුව ජනතාවට තිබුණාටත් වඩා දුෂ්කරතා සහ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.
“ආණ්ඩුව හැමදේම කරන්නේ ඔවුන්ගේ වාසියට. වතු කම්කරු වැටුප වැඩි කරන්න රටේ නීතියක් තියෙනවා. වෘත්තිය සමිති හා හාම්පුතුන් කියන දෙපාර්ශ්වයේ සාමූහික ගිවිසුමකට අනුවයි එය කළ යුත්තේ. එහෙම නැතුව මැතිවරණයක් ආසන්නයේ වැටුප් වැඩි කරන්න කිව්වම හාම්පුතුන්ගේ සංගමය දැන් වෙඩිමුරය පත්තු කරලා අධිකරණය හමුවට යනවා. ඒවා ඇදි ඇදී යනකොට වතු කම්කරුවන්ගේ පැත්තට මතයක් හදනවා ආණ්ඩුව වැටුප් වැඩිකරන්න කැමතියි, සමාගම් තමයි අකැමැති කියලා. එතකොට මිනිස්සු තරහ වෙන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි සමාගම් එක්ක. මේවා මැතිවරණ උපක්‍රම ලෙසයි ආණ්ඩුව පාවිච්චි කරන්නෙ ‘‘