අපොස සාමාන්‍ය පෙළ විභාගය 6 වැනි සඳුදා ආරම්භ කෙරේ. මෙවර විභාගයට අයැදුම්කරුවන් 452, 979ක් පෙනී සිටින අතර විභාගය 15 වැනිදා දක්වා පැවැත්වේ. පාසල් අයැදුම්කරුවන් 387,648ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් විභාගයට පෙනී සිටීමට නියමිතය. මෙවර විභාගය මධ්‍යස්ථාන 3,527කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535කදී පැවැත්වෙන අතර රත්මලාන අන්ධ විදුහල, තංගල්ල හා යාපනයේ විශේෂිත විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි. මෙවර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 730ක් විභාගයට මුහුණ දීමට නියමිතය.
විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ විභාග වංචා වැළැක්වීම සඳහා විශේෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි.
සුභාෂිණී ජයරත්න