1.5K
රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.
‘අනුන් කල දේ ගැන නොව තමන් කල දේ ගැන විමසිලිමත් වෙමු‘ යන තේමාවෙන් යුතුව මෙවර වෙසක් උත්සවය පැවැත් වේ. වෙසක් උත්සව සතිය මැයි 21 දින සිට 27 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇත. එහි සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙණේදී හා සමාප්ති උලෙළ පල්ලේපොළ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.