ශමීර නාඔටුන්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණය සිහින නෙළුම් මල් සිනමා සිත්තමේ ගීත ත්‍රිත්වය එළිදැක්වීම මාත්‍රා නමින් පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සිය කුලුඳුල් සිනමාපටය වන මෝටර් බයිසිකල් නිර්මාණය කරමින් දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ශමීර නාඔටුන්නගේ දෙවැනි සිනමා සිත්තම ලෙසින් ‘සිහින නෙළුම් මල්’ ඉදිරියේ දී තිරගත වීමට නියමිතය.
සිහින නෙළුම් මල් සිනමා සිත්තම නිෂ්පාදනය සිනෙලි මීඩියා වෙතින් වරුණ අරඹගේගෙනි. එළිදැක්වූ ගීත ත්‍රිත්වයම රචනා කරනු ලැබ ඇත්තේ චිත්‍රපට අධ්යක්ෂ ශමීර නාඔටුන්න විසිනි. සංගීත අධ්‍යක්ෂණය මිලින්ද තෙන්නකෝන්ය. ‘ඔබ මගේ’ නමින් ගැයෙන තේමා ගීත ගායනය ශෂිකා නිසංසලා සමඟින් මිහිඳු ආරියරත්නය. ‘මගේ හදේ රොන් පිබිදුණු’ ගීතය අනුෂ්කා කුලතුංගගෙනි. ‘රෝස කුසුම’ගැයෙන්නේ අමිල පෙරේරාගේ හඬිනි. ආරාධිත ගායකයා ලෙස චිත්‍රාල් සෝමපාල සහභාගි වූ අතර විලී ප්‍රනාන්දුගේ ටූ ෆෝටි ටූ සංගීතයෙන් එදින මාත්‍රා ප්‍රසංගය රසවත් විය. සජීවීව ගීත ගායනා කරන අතරතුර විශාල තිරය මත සිනමා පටයේ රූප රාමු ප්‍රදර්ශනය වීම ද සිදුවිය. සිනමා පටයේ ට්‍රේලරය ප්‍රදර්ශනය කිරීම ද එදින සිදුවිය. ප්‍රසංග වේදිකාව සමඟ සිනමාව එකම වේදිකාවකට ගෙන ඒමට ශමීර ගත් උත්සාහය සාර්ථක බවට ඉඟි පළකරමින් මුදල් වැය කර එම අත්දැකීම ලබාගත් පිරිස සියයට අනූවකට වැඩි වීම ද මෙහි දී විශේෂයෙන් කැපී පෙනුණි.
සිහින නෙළුම් මල් සිනමා සිත්තමේ ප්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායක වන්නේ හේමාල් රණසිංහ සමඟින් දුශේනි සිල්වාය. ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, කළණ ගුණසේකර, උමාලි තිලකරත්න, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න, දයා දේව එදිරිසිංහ රංගන දායකත්වය සපයන සෙසු රංගන ශිල්පීන්ය. නිෂ්පාදනය වරුණ අරඹගේ වන අතර රචනය සහ අධ්‍යක්ෂණය ශමීර නාඔටුන්නගෙනි. කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගෙන් වන අතර සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේය. කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්තගෙනි. වේශ නිරූපණය බුවනෙක රණවකය. ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චිය. ඇඳුම් නිර්මාණය මාධවී දසනායකය. ප්‍රධාන නිෂ්පාදන කළමනාකරණය රොනිත් අධිකාරීගෙනි. ප්‍රදර්ශනය සඳහා සියල්ල සූදානමින් පවතින සිහින නෙළුම් මල් සිනමා සිත්තමේ ගීත මේ වන විටත් යූටියුබ් හරහා දැකගත හැකිය.