ඉදිකිරීම්, ගොඩනැගිලි අභ්‍යන්තර නිෂ්පාදන, විදුලිබල සහ බලශක්ති ප්‍රදර්ශනය -2024 (Construction Power and Energy Expo -2024) ජූලි මස 05 -07 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතනය නිවේදනය කරයි.
මේ සඳහා නරඹන්නන් 14,000කට වැඩියෙන් සහ ප්‍රදර්ශනකරුවන් 180කට වැඩියෙන් සහභාගි වීමට අපේක්ෂිත ය. විදුලිය, බලශක්ති, ඉදිකිරීම්, නිවාස අභ්‍යන්තර නිෂ්පාදන, ගොඩනැගිලි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු බහුවිධ කර්මාන්ත එකම වහලක් යටට ගෙන එනු ලබන එකම අවස්ථාව වශයෙන් හැඳින්විය හැකි මෙම ප්‍රදර්ශනය තුළින් කර්මාන්ත ආශ්රිත වෘත්තිකයන් හට අසමසම වූ ජාලගත වීමේ අවස්ථාව උදාකර දෙනු ඇත. මෙම ජාලගත කිරීම හේතු කොටගෙන සහයෝගිතාව වැඩිදියුණු කිරීම, ව්‍යාපාරික ගනුදෙනු සඳහා පහසුකම් සැපයීම සහ වටිනා වෙළෙඳපොළ දැනුම උකහා ගැනීමට සමාගම් සඳහා ඉඩකඩ විවෘත කරදීම යනාදිය සිදු වේ.