අබාන්ස් ව්‍යාපාර සමූහය මේ දිනවල දියත් කර ඇති සමාජ සත්කාරක සේවාව යටතේ රජයේ රෝහල්වල වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සුවය උදෙසා රුධිර කාන්දු පෙරණ ඒකක වෙත නොමිලේ රූපවාහිනී යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.
වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ නිදහස් මානසිකත්වය උදෙසා දිවයිනේ රෝහල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා රූපවාහිනී යන්ත්‍ර පරිත්‍යාග කිරීම මෙහිදී සිදු වේ.
අබාන්ස් ව්‍යාපාර සමූහයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ බේමන් පෙස්ටොන්ජි (Tito) මහතා අනුස්මරණය කිරීම සඳහා මෙම සමාජ සත්කාරක සේවාව දියත් කරයි. ඒ අනුව මුල් අදියරේ දී ගම්පහ රෝහල, මුල්ලේරියාව රෝහල, හෝමාගම මූලික රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ආරෝග්‍යශාලා ගණනාවක් සඳහා රූපවාහිනී යන්ත්‍ර පරිත්‍යාග කිරීම සිදු විය. මැයි මාසය තුළ දී අනෙකුත් රෝහල් සඳහා ද රූපවාහිනී යන්ත්‍ර පරිත්‍යාග කර ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇත.