ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) අලෙවි කණ්ඩායම සැලළිහිණි වසන්තය’ සැණකෙළියට සමගාමීව නුවරඑළියේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබිණි. අප්‍රේල් 16 සිට අප්‍රේල් 21 දක්වා පැවැත්වූ මෙම වැඩසටහනේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සන්නාමය ජනතාවට සමීප කරවීම සඳහා ළමුන් සහ වැඩිහිටියන් යන කණ්ඩායම් දෙක සහභාගී වන විවිධ ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නියැළිණි.
පසුගිය උත්සව සමයේ දිවයිනේ නන් දෙසින් ජනතාව නුවරඑළියට පැමිණි අතර, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) තම සන්නාමය ජනතාව අතර ප්‍රවර්ධනය කරමින් ජනතාවගේ ජීවිත කාලය පුරාවටම රැකවරණය සහ යහපැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය දැනුම්වත් කිරීමේ කටයුතුවල යෙදිණි.